ඇමෙරිකා දෛනික ආසාදන ලක්ෂය ඉක්මවූ දින 20 පනියි
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය දින 20 තුළ අඛණ්ඩව දෛනිකව නව කෝවිඩ්-19 ආසාදිතයන් 100,000කට වඩා වාර්තා කර තිබේ.
ගෙවීගිය දිනයේ ප.ව.4.00 වනවිට අතිරේක ආසාදිතයන් 101,387ක් සහ නව මරණ 672ක් (දිනය ගෙවීයන විට මෙම අගය තවත් ඉහළ යයි) වාර්තා විය. වසංගතය ආරම්භ වූ දින සිට මේ දක්වා එරටින් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 12,219,446ක් සහ මරණ 256,725ක් වාර්තා කර තිබේ.
නොවැම්බර් මාසයේදී එක්සත් ජනපදය ගෙවීගිය දිනයේ ප.ව.4.00 වනවිට අතිරේක ආසාදිතයන් 3,065,803ක් වාර්තා කර තිබුණු අතර, එය වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා එරටින් වාර්තා වූ සිදුවීම්වලින් 25.15%ක් හතරෙන් පංගුවකට වඩා වැඩි ආසාදන සංඛ්‍යාවකි.
නොවැම්බර් මාසයේ මේ දක්වා මරණ 25,410ක් වාර්තා වී ඇති අතර, එය වසංගතය තුළ සිදුවූ මරණවලින් 9.9%ක ප්රමාණයකි. එසේම ඇමෙරිකා එක්සත් ජනපදය මේ දක්වා නොවැම්බර් මාසයේ දින 22න් දින 15ක් තුළ දෛනිකව කොවිඩ්-19 මරණ 1,000කට වඩා වාර්තා කර ඇත.
ඇමෙරිකාව තුළ ආසාදන පාලනය කිරීමේදී වසංගතය පැතිරීම පාලනය කිරීම සම්බන්ධ විද්‍යාත්මක ක්‍රමවේද පසෙක තබා, රටේ ආර්ථිකය හා තම දේශපාලන අභිමතයන් පමණක් කරපින්නාගෙන කටයුතු කළ දේශපාලන බලඅධිකාරිය විසින් අද ඇමෙරිකාව ඇසට නොපෙනෙන වෛරසයක් හමුවේ අඩපණ කර ඇත. මෙම අවාසනාවන්ත තත්ත්වය යටතේ ලක්ෂ ගණනක් මිනිසුන් සිය ජීවිතවලින් වන්දි ගෙවා තිබුණද, අතීතයේදී ලෝකයට වගකීම හා වගවීම ගැන පාඩම් ඉගැන්වීමට කටයුතු කළ ඇමෙරිකාව අද අඳුරේ අතපතගාමින් සොයන්නේද, මේ වගකීම හෝ වගවීම බව යැයිද විදෙස් විචාරකයෝ පවසති.

popular news
-
Kumar Monday, 23 November 2020 08:11 AM
Trump never cared about anybody other than himself. He is holding back admitting defeat because he is accepting donation pretending to be for the legal matters. However, small print states that 75% of the of the donated money is going to a political action committee (PAC). This is the way to keep the most of the money for himself to pay off his election debt. This man loves money not people.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

