කොවිඩ්-19 සමග එක්සත් ජනපදයේ මේ වනවිට 70,000කට වැඩි පිරිසක් රෝහල් කර ඇති බව වසංගතය පිළිබඳ දත්ත නිරීක්ෂණය කරන සීටීපී (කොවිඩ්-19 ලුහුබැඳීමේ ව්‍යාපෘතිය) වාර්තා කරයි.
ඒ අනුව ගෙවීගිය සඳුදා දිනය වනවිට එක්සත් ජනපදය තුළ ආසාදිතයන් 73,014දෙනෙකු කොවිඩ්-19 සමග රෝහල් ගත කර ඇති බව සීටීපී වාර්තා කරයි.
ඇමෙරිකාව මෙතෙක් අත්විඳ ඇති වැඩිම කොවිඩ්-19 රෝහල්ගත කිරීම් සංඛ්‍යාව මෙය වන අතර, එය මීට මාස කිහිපයකට පෙර පැවති තත්ත්වයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් බව ඔවුන් කියයි.
එහිදී එක්සත් ජනපදය දැනට දෛනිකව නව රෝහල්ගතවීම් 3,500කට වඩා වැඩි බව සීටීපී දත්ත පෙන්වා දෙන අතර, දෛනිකව වාර්තාවන බොහෝ ආසාදිතයන් නිවෙස් තුළම නිරෝධායනයට ලක්කිරීම බොහෝවිට සිදුවෙයි.
සීටීපී දත්තවලට අනුව රෝහල්ගත කිරීම්වල දෛනික දත්ත මෙසේය.
නොවැම්බර් 16දා වනවිට 73,014කි.
නොවැම්බර් 15දා වනවිට 69,864කි.
නොවැම්බර් 14දා වනවිට 69,455කි.
නොවැම්බර් 13දා වනවිට 68,516කි.
නොවැම්බර් 12දා වනවිට 67,096කි.