ඇමති රවීට තෙල් නොදෙයි
කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉනධන නළ සකස් කිරිමේදී විදුලි බල අමාත්‍ය රවී කරුණායක මහතා බාධා සිදුකරන නිසා අද (30දා) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාදීම නවතා දමන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කරයි.
අඟල් 12 නළ මාර්ගය එළීමේදී ඉවත් කළ යුතු නිවාස වන්දි මුදල් ලබාදී ඉවත් කර තිබියදී කිසිඳු හේතුවක් නොමැතිව අමාත්‍යවරයා අදාළ කටයුතුවලට බලපෑම් කරන බවද එම සංගමයේ ලේකමන් ජයන්තර පරෙයිගම මහතා පැවැසීය.
මේ සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලුම වෘත්තීය සමිති සහාය දක්වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

popular news
-
ගැමියා Monday, 01 July 2019 05:36 AM
ඇමතිගෙන් පළිගන්නවා කිව්වාට පහර වදින්නේ සාමාන්‍ය ජනතාවට.සංගමේ නමෙන්ම පේනවානේ මෙතැන තියෙන්නේ දේශපාලන උප්පරවැට්ටියක් කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

