ඇමති දිලිප්ගෙන් නාමල්ට චෝදනාවක්
සිය නිලමුද්‍රාව ව්‍යාජව යොදාගනිමින් , පාර් ලිමේන්තු මන්ත්‍රී මුද්දර භාවිත කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අත්සනින් ගෝඨාභය රාජපක්ෂ ගේ මැතිවරණ පත්‍රිකා යැවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට තමන් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කළ බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.
තංගල්ල ප්‍රධාන කාර් යාලයේදී අද 03 දින දහවල් පැවතී විශේෂ මාධ්‍ය හමුවේදී දිලිප් වෙදආරච්චි මැතිතුමා මෙම කරුණු අනාවරණය කළේය.
" ලබන 16 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් ජයගන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා බව රටම දන්නා ඇත්ත . මෙවැනි ජයක් ලබන විටදී රාජපක්ෂවරුන්ගේ බලකොටුවක් කියලා ඒ අයම කියපු හම්බන්තොට දිස්ත්‍රික්කයත් අපි ජයගන්නවා. මේ නිසා ඒ පොහොට්ටු කල්ලිය ජනතාව මුලාකරන්න පුළුවන් ඔනෑම නොහොබිනා කටයුත්තක් කරන්න පෙලබිලා ඉන්නවා.
එවන් අන්ත පරාජයක් ලබන බව දන්නා පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මගේ නිල මුද්‍රාව ඉතා වංචනිකව යොදාගෙන , මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන මුද්දර භාවිත කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අත්සනින් ගෝඨාභයට ජන්දය දෙන්න කියලා ලිපියක් මම යවන විදියට ජනතාවට යවලා. එවැනි ලිපි කිහිපයක් අපිට ලැබිලා තියෙනවා.
මේක මහා කුමන්ත්‍රණයක්. මේ ලියුම යවලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ගෙවල් වලට.
මෙවැනි කුප්‍රකට ක්‍රියාවලින් මේ දකුණේ මිනිස්සු රවට්ටන්න බැහැ . හම්බන්තොට ජනතාව නැවත මෙවර රවට්ටන්න ලැබෙන්නේ නැහැ.”

popular news
-
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:18 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

