ඇමති අජිත්ගෙන් මහලේකම් අකිලට අභියෝගයක්
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා තමාට ඉදිරිපත් කළ සියලු චෝදනා ප්‍රතික්ශේප කරන බවත්, හැකිනම් එම චෝදනා ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරන බවත් ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මහලේකම්වරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබේ.
පක්ෂයේ ව්‍යවස්ථාව කඩ කළ බව සඳහන් කරමින් අජිත් පී. පෙරේරා අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බව දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය 27 වැනිදා ලිපියක් මාධ්‍යයට නිකුත් කර තිබිණි.
එවැනි ලිපියක් තමාට නොලැබුණ බවද මාධ්‍ය‘යේ සඳහන් වූ බැවින් එයට පිළිතුරු දීමට තමන් අදහස් කළ බවද අජිත් පී. පෙරේරා මහතා සිය ලිපියේ සඳහන් කර තිබේ.
එමෙන්ම පසුගිය 26 වැනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවීමේ ලිපියක්ද තමාට නොලැබුණ බවද හෙතෙම පවසා ඇත.
මේ අතර පක්ෂ මහලේකම්වරයා නිකුත් කළ ලිපියේ සඳහන් වූ ආකාරයේ විනය කමිටු රැස්වීමක් පසුගිය 27 වැනිදා පවත්වා නොමැති බවත්, ඒ අනුව මහලේකම්වරයා නිකුත් කළ ලිපිය විනය කමිටුව ගත් තීරණයක් මත නිකුත් නොවුවක් බවත් අජිත් පී. පෙර්රා මහතා අදාළ ලිපියේ සඳහන් කර තිබේ.
මහලේකම්වරයා සඳහන් කර ඇති චෝදනා සියල්ලෙ තමා ප්‍රතික්ෂේප කරන අතර එක්සත් ජාතික පක්ෂය, පක්ෂයේ නායකත්වය, කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පක්ෂයේ වැඩපිළිවෙළ තහවුරු කිරීමට සෑම විටම කටයුතු කර අති බවටද අජිත් පී. පෙරේරා මහතා යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
අජිත් පී. පෙරේරා මහතා ඊයේ (09දා) මෙම ලිපිය සිරිකොත පක්ෂ මූලස්ථානයට භාරදී ඇත.

popular news
-
shantha senevirathna Tuesday, 10 September 2019 10:49 AM
වැඩක් කරන අකිලට මැතිතුමන්ට අභියෝග නොකර නඩුවක් කතා කරලා කියක් හරි හොයා ගෙන ඉන්න පුරුදු වෙන්න හලෝ .එකම පැත්තේ ඉගෙන ලජ්ජා නැද්ද අභියෝග කර කර ඉන්න වැඩක් කරන අයට.
Reply : 1 2
Dayan Tuesday, 10 September 2019 01:41 PM
කවුද චන්දෙ දෙන්නේ විනයක් නැති පක්ෂෙකට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

