ජාතික ආණ්ඩුවක් නිර්මාණය කොට ඇමති ධූර සංඛ්‍යාව 48 ක් දක්වා සහ නියෝජ්‍ය ඇමතිධූර සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ දමා ගැනීමට ආණ්ඩුව ගෙනයන වැඩ පිළිවෙල තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.
ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර අමාත්‍යධූර ඉහළ දමා ගැනීම වෙනුවෙන් ලබන 31 වැනිදා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව අද(29)පෙරවරුවේ කොළඹ බත්තරමුල්ල නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.
දහනවවන ව්‍යවස්ථා සංශෝධනයේ, 46 වනවගන්තියේ,හතරවන උපවගන්තියට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හෝ එමඟින් අමාත්‍ය ධූර සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට කිසිදු අවස්ථාවක් නොමැති බවද ඒ මහතා පවසයි.
ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නම් පාර්ලිමේන්තුව නියෝජනයකරන විශාලතම පක්ෂය සහ අනෙකුත් පක්ෂ අතර සම්මුතියක් ඇතිකර ගැනීම අනිවාර්ය වන බව ඒ මහතා පෙන්වා දෙයි.
නමුත් වත්මන් රජයට ඒකරාශීවීමට එවැනි පක්ෂ කිසිවක් නොමැති අතර යම් යම් පක්ෂවල ඇතැම් මන්ත්‍රීවරුන් එක්කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටු වීමට හැකියාවක්ද නොමැති බවද ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.
රජයේ මෙම ක්‍රියාදාමය ප්‍රතික්ෂේප කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීමක් බව පෙන්වාදෙන ඒ මහතා කැබිනට් අමාත්‍යවරුන් තිස්දෙනකුට වඩා වැඩිපුර සංඛ්‍යාවක් දිවුරුම් දීම වැළැක්වීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බව පෙන්වාදෙයි.
කැබිනට් අමාත්‍යවරයෙකු නඩත්තු කිරීම සඳහා මාසයකට රජයට රුපියල් ලක්ෂ 85 ක මුදලක් දැරීමට සිදු වී ඇති අතර දැනට විසිඅටදෙනෙක් වන කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව තවත් 20 දෙනෙකුගෙන් ඉහළ දැමීමරටට දැරිය නොහැකි වියදමකි.
රටේ ආර්ථීකය කඩා වැටී ඇති තත්ත්වයක, දරිද්‍රතාවය ඉහළ යමින් ඇති පසු බිමක තවත් අමාත්‍යධූර විස්සක් සහ නියෝජ්‍ය අමාත්‍යධුර විශාල සංඛ්‍යාවක් නඩත්තු කිරීමට සිදුවීම බරපතළ තත්ත්වයකි.
වර්තමානයේ දී ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ මුවාවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටවත් රජය උත්සාහ කරනනමුත් රජයට ඇති ඉතාම කෙටිකාල සීමාව තුල රටට වැදගත් කිසඳු පනතක් හෝ කඩිනමින් සම්මත කර ගැනීම සදාචාරාත්මක නොවේ.
මෙම කාලසීමාව පාර්ලිමේන්තුවේ නොනගත කාලසීමාවක් වශයෙන් හඳුන්වාදිය හැකි බව පෙන්වා දෙන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා උපක්රමශීලීව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ දැරීම සහ අමාත්‍යධුර සංඛ්‍යාව ඉහළනංවා ගැනීමට උත්සාහ දැරීම තරයේ හෙලා දකින බව අවධාරණය කර සිටියි.
