ආවා මඩින්න හමුදාවේ සහාය ගන්නේ නෑ
උතුරේ ආවා කල්ලිය මර්දනය කිරීමට හමුදාවේ සහය ලබා නොගන්නා බවත්, පොලීසිය යොදාගෙන ආවා කල්ලිය මර්දනය කරන බවත් නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම මණ්ඩාර මහතා සඳහන් කළේය.
අමාත්‍යාංශය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක ඒ මහතා මේ බව සඳහන් කර තිබේ
දකුණේ මවන තරම් බිල්ලෙක් උතුරේ නොමැති බවත්, එම ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 16, 18, 20 වැනි වයස්වල තරුණයන් ඉන්දියානු චිත්‍රපටවල ආභාසය ගෙන යම් යම් දේ සිදුකරන බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
උතුරේ පොලිස් වසම් 53ක් තිබෙන බවත්, මන්නා වැනි ආයුධ භාවිතා කර මිනිසුන්ට පහරදීම් සිදුකර තිබෙන්නේ පොලිස් වසම් හතරක පමණක් වන අතර, එම තත්ත්වයන් රජය සුළුකොට නොසලකා හරින බවත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

popular news
-
කෝලිත Tuesday, 02 October 2018 07:11 PM
පොඩි එවුන්ගෙ පන්ඩිත වැඩනෙ ගනන් ගන්න එපා....ආවා වගේම යයි...පොලිසියට ගෙදරට වෙලා ඉන්න කියන්න.නැත්තමි අහක යන මන්න පාරක් එයාලටත් වදියි.
Reply : 0 0
Champa Tuesday, 02 October 2018 07:34 PM
දැන් දකුණේ කොල්ලොත් සුළු සුළු මන්න, චූටි කඩු කෑලි, පිහි එහෙම අරගෙන "දකුණු ඉන්දියානු" චිත්‍රපටි රඟ දක්වන්න ගනියි. ඒ මොකොද කිව්වා නම් දකුණු ඉන්දියානු චිත්‍රපටි වල වගේ මන්නෙකින් බෙල්ලට කෙටුවහම, පිහියකින් ඇන්නහම, බයික් එකකින් ඇවිත් කඩුවක් පොඩ්ඩක් එහෙම වැනුවහම කොලු වැඩ කියල උතුරේ කොල්ලන්න්ට යන්න අරින නිසා මෙහෙත් ඒක පටන් ගනියි. එතකොටත් ඕකම කියනවද? අන්න දකුණේත් ඉන්දියානු චිත්‍රපටියක වගේ අහසට වෙඩි තියල ගේකට පැනල කෙල්ලක් බලෙන් අරන් ගිහින්. කමක් නැතුව ඇති නේද? තාම කවුරුවත් අල්ලලා නැත්තේ කොලුකමට කරන වැඩක් කියලා වෙන්නැති නේද? අනේ ඕගොල්ලෝ ඇත්තටම ඉස්කෝලේ ගිහින් තියෙනවද කවද හරි? නැත්නම් ඉස්කෝලේ යන්නැතුව කට්ටි පැනල දකුණු ඉන්දියානු චිත්‍රපටි බලන්න ගියාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

