ආවා කල්ලියේ නායක අශෝක් කුමාර් අධිකරණයට භාර වෙයි
ආවා කල්ලියේ නායකයෙකු මෙන්ම ආවා කල්ලිය මෙහෙයවූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා අද යාපනය මල්ලාකම් අධිකරණයට පැමිණ භාර වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
මල්ලාකම් අධිකරණය භාරවීමෙන් පසුව මල්ලාකම් මහේස්ත්රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා විසින් අශෝක් කුමාර් නැමත්තා දෙසැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට සිටියේය.
පසුගිය කාල වකවානුවේ රටේම කතාබහට ලක් වූවේ යාපනය දිස්ත්රීක්කයේ සිදු වූ ආවා ක්රියාකාරකම් හේතුවෙන් විවිධ පුද්ගලයින්ට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදු කිරීම හා නිවාස රැසකට ආවා කල්ලි සාමාජිකයින් පැන දැඩි ලෙස දේපළ හානි සිදු කිරීම හේතුවෙන් යාපනය නගරයම මෙන්ම උතුරු පළාතම නොසන්සුන් විය.
මෙම නොසන්සුන් වීමට ප්රධානතම හේතුව වූවේ ආවා කල්ලියේ ක්රියාකාරකම් හේතුවෙන් වූ අතර ආවා කල්ලියේ මෙහෙය වූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා විවිධ ස්ථාන වල සැගව සිටීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
අශෝක්කුමාර් නැමත්තාගේ පෞද්ගලික ලිපිනය වී ඇත්තේ යාපනය කොකුවිල් ප්රදේශයේ වන අතර අද දින ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වී ඇත්තේ තවදුරටත් ආවා ක්රියාකාරකම් කිරීමට නොහැකි බව පවසමිනි.
කෙසේ වෙතත් ආවා නමින් හැඳින්වෙන විනෝදන් නැමත්තා තවමත් නිදැල්ලේ සිටින අතරම ඔහුද අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් පරීක්ෂණ අරඹා ඇත.

popular news
-
තිලක් Wednesday, 28 November 2018 06:12 PM
මැරුන් කන්න බයේ යටත් වෙලා වගේ. පවතින අලුත් පාලනය එක්ක සෙල්ලම් බැහැ. පාතාලයෝ හැම එකෙක්ම ඉවර කරන්න ඕන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

