ආරුවක්කාලු නාගරික ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂක භූමි පිරවුම් බැහැර කිරීමේ පහසුකම නිර්මාණ්ය කිරීමේ, සැපයීමේ හා ස්ථාපනය කිරීමේ/ඉදිකිරිම් කොන්ත්‍රාත්තුව චීනයේ චයිනා හාබර් සමාගමට හා සවුත්වෙස්ට් මියුනිසිපල් ඉංජිනේරු හා පර්යේෂණ ආයතනය අතර සමූහ ව්‍යාපාරය වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එම ව්‍යාපෘතියේහි ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කාලසීමාව තුළ පැන නඟින අනපේක්ෂිත් වියදම් සඳහා ගිවිසුම්ගත කොන්ත්‍රාත් අගයෙන් 10%ක් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 9.04ක් (ශ්‍රී ලංකා රුපියල් 162,293,621ක්) වෙන් කිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
