ආරක්ෂාව තහවුරුයි - සංචාරකයන්ට එන්න කියයි
ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් මෙරටට පැමිණිමේදී සංචාරකයන්ට පනවා ඇති බාධාවන් ඉවත් කරන ලෙස ජනපති තානාපතිවරුන්ගෙන් ඉල්ලයි.
ම්ලේච්ඡ ත්රස්තවාදී අත්දැකීමට මුහුණදීමෙන් පසු ශ්රී ලංකාව මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර ආරක්ෂක අංශවල සාර්ථක මෙහෙයුම් සමඟ ඉදිරි දින කිහිපය තුළ දී ත්රස්ත අභියෝගය ශ්රී ලංකාවෙන් තුරන් වනු ඇති බව ජනාධිපති පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු විදෙස් සංවිධාන නියෝජිතයන් සමඟ ඊයෙ (07දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී ය.
එමෙන්ම මෙහිදී ජනාධිපතිතුමා සියලු තානාපතිවරුන්ට ඉල්ලා සිටියේ ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂාව මේ වන විට මුළුමනින් තහවුරු කර තිබෙන බැවින් තම රටවල් විසින් සංචාරකයන්ට පනවා ඇති බාධාවන් ඉවත් කර නැවත ශ්රී ලංකාවට පැමිණීමට ඉඩ සලස්වන ලෙසයි.
පාසල්, රජයේ ආයතන සහ මහජනතාව ගැවසෙන ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය හා ති්රවිධ හමුදාව යොදවමින් මෙන් ම විශේෂ ආරක්ෂක කමිටු ද පිහිටුවමින් අදාළ ආරක්ෂක වැඩපිළිවෙළ දියත් කර තිබෙන අතර සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙළක් කි්රයාත්මක බව ජනාධිපතිවරයා කියා සිටියේය.

popular news
-
Champa Wednesday, 08 May 2019 10:00 AM
එතකොට එහෙනම් වෙසක් නැත්තේ මොකොද? තොරණ දන්සල් කූඩු තහනම් මොකොද? ගිය අවුරුද්දෙත් වෙසක් වෙනස් කළා නෝම්බි කාලේ කියල. මේ අවුරුද්දෙත් එම හේතුවම වෙන විදිහකට.
Reply : 0 0
shan Wednesday, 08 May 2019 11:40 AM
ආරක්ෂාව තහවුරු කලේ ත්රස්තවාදීන්ට ඇප දීලද ? ලෝකේ වටේ ඉන්න ජනතාවට එන්න කියන්නේ තවත් දහස් ගානක් විනාස කරවන්නද? රටේ පාසල් ටිකට හරියට ආරක්ෂාවක් දෙන්න බැරුව රටේ ජනතාවගේ පුජනීය උත්සවය වන වෙසක් උත්සවය පවත්වාගන්න බැරුව ජනතාවට නිදහසේ පාරක බැහැල යන්න බැරුව රට වටේ අවි යුධ දහස් ගනනි සොයාගනිමින් පවතිද්දී ඒවා මොන තරම් විනාසයක් කල හැකි දේවල්ද යන්න ගැන අබමල් රේණුවක අවබෝදයක් නැතිව ගමේ ග්රාමසේවක මානසිකත්වයේ සිට රටක් පාලනය කල නොහැකි බව ජනපතිවරයා හොදින් අවබෝද කර ගත යුතුය තමාගේ මානසික අසහනය හා කෘර බව පෙන්වමි තම බලය අසික්කිත ලෙස යොදවමින් අහිංසක ජීවිත 350 විනාස කලේ ජනපති ලෙසද නැත්නම් ත්රස්තවාදි කණ්ඩායමේ නායකයා ලෙසද යන්න ගැන අපට දැන් සැකයක් පවතී
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

