ආරක්ෂක හමුදාවන් ගැන විශේෂ ප්රකාශයක් කරනවා - ජනපති
ආරක්ෂක හමුදාවන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ විශේෂ ප්රකාශයක් කරන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ රත්නපුර, නිවිතිගල පැවැති ජන හමුවකදී ඔහු මේ බව ප්රකාශ කළේය.
එම ප්රකාශය සම්බන්ධයෙන් තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවීමටද හැකි බව ජනපතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් එම ප්රකාශය හරහා රට මුහුණදී ඇති අභියෝග රාශියකට විසඳුම් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
ජනපතිවරයා එළැඹෙන 24දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.
popular news
-
Champa Sunday, 09 September 2018 03:38 PM
ආරක්ෂක හමුදාවන්ට කිසිම චෝදනාවක් තිබ්බේ නැහැ ඔබයි රනිලුයි බලයට එනකම්. තිබ්බ නම් තිබ්බ එකම එක Channel 4 එකේ කවුද මිනිහගේ නම - Callum Macrae යුද්ධේ කාලේ රටින් එලියට දමපු හින්ද ඒ තරහට ගොතපු චිත්රපට. ඒවා ලෝකය ඇත්ත කියලා පිළිගත්තේ නැති වුනත් ලෝකේ පුරා ඒවා ප්රචාරය කලේ කොටි. යුද අපරාධ කියලා චෝදනා ආවේ ඒ චිත්රපට නිසා. ඊට කලින් එකක් දෙකක් මානව හිමිකම් කඩ කළා කියල තිබ්බට ඒවා යුධ අපරාධ විදියට සැලකුනේ නැහැ. ආරක්ෂක හමුදාවන්ට එරෙහි සියලු චෝදනා හදල, කිසි පරීක්ෂණයක් නැතුව ඒවා ඇත්ත කියලා පිලිත් අරන්, ඔවුන්ට දඬුවම් දෙන්න එක්කෝ යුධ අධිකරනයට යැවිය යුතුයි නැත්නම් දෙමුහුන් අධිකරණ පිහිටුවිය යුතුයි කියපු යෝජනාවත් තමන්ම කරගෙන UN එකට අපේ ආරක්ෂක හමුදා පාවා දුන්නේ ඔබයි, ඔබේ අගමැතියි, ඔබේ විදේශ ඇමැතියි. අද අවුරුදු 3 3/4 කට පස්සේ ඔබ ඔබේ පාවා දීම නිවැරදි කරන්න යනවා. ඒක ඔබේ වැඩක්. හැබැයි එහෙම කළා කියල මිනිස්සු කවදාවත් ඔබට සමාව දෙන්නේ නැහැ. ඔබයි අගමැතියි ආණ්ඩුවයි අපේ හමුදාවට ගෙනාපු අපකීර්තිය නැති වෙන්නේ නැහැ. ඔබේ ආණ්ඩුව ජිනීවා ගිවිසුමෙන් පස්සේ හමුදාවට බොරු චෝදනා හද හද හිරේ දැම්ම කියන එක අමතක වෙන්නෙත් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

