ආරක්ෂක තත්ත්වය සතුටුදායක තැනක රට තිබෙනවා
පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්විය.
"මම සිංගප්පූරුවේ සිටින විටයි මේ ගැන දැනගත්තේ. 10ට පමණ මම මේ ප්‍රහාරය ගැන දැනගත්තාට පස්සෙ 12ට විතර සමාජ මාධ්‍ය ඔස්සේ ගිය ලිපියක් මට මිත්‍රයෙක් විසින් පෙන්වූවා.
ඒ ලිපියෙන් පෙනී ගියා මේ ගැන ආරක්ෂක අංශ දැනුවත් බවට. ඒ අනුව මේ ගැන සොයා බැලිමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් මණ්ඩලයක් පත්කිරීමට තීරණය කළා.
මම සිංගප්පූරුවේ සිටම මෙන්න මේ අයගෙන් පරීක්ෂණ මණ්ඩලය පත්කරන්න උදේ පත්වීම් දෙන්න ඕන කියලා. ඊට පැය කිහිපයකට පසු මම එන්න පිටත්වුණා.
22 උදේ ජනපති ආරක්ෂක මණ්ඩලය රැස්වූණා. ඊට පෙර පරීක්ෂණ මණ්ඩලයට සාමාජිකයන්ට පත්කිරිම් කළා. ගතවූ දින කිහිපය තුළ මෙවැනි සිදුවීමක් නැවත ඇති නොවිමට ගත යුතු ක්‍රියාමර්ග මම අරගෙන තිබෙනවා.
මම මේ ගැන තානාපතිවරුන් දැනුවත් කළා. අප්‍රේල් 24 රාත්‍රී 9ට කොළඹ පොලිස් ස්ථානාධිපතිවරුන් කැඳවලා පැය දෙකක පමණ සාකච්ඡාවක් පවත්වලා ආරක්ෂක විධිවිධාන ගැන උපදෙස් දුන්නා.
අප්‍රේල් 25 සර්ව පාක්ෂික දේශපාලන සමුළුවක් පැවැත්වූවා. එයට ආරාධනා කළ සියලු දෙනා පැමිණියා. එහිදි යෝජනා විවේචන චෝදනා දැඩි සංයමකින් විනයකින් සාකච්ඡාවට ලක්වුණා.
එදාම සවස ස්ර්වාගමික නායකයින් සෑම කෙනෙක්ම කැඳවලා සර්වාගමික නායකයින් දැනුවත් කළා.
අප්‍රේල් 26 දා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් කැඳවූවා වගේම මෙවැනි අවස්ථාවක විශේෂයෙන්ම මාධ්‍ය වගකීම් හා සදාචාරය ගැන විශේෂයේම කරුණු පැහැදිලි කළා.
අප්‍රේල් 29 දා බරපතල ආර්ථික අලාභයකට ලක්වූ සංචාරක ව්යාපායර බලපාන ව්‍යාපාරිකයන් ඇතුළු පාර්ශ්ව කැඳවලා එය ගොඩගැනීම ගැන සාකච්ඡා කළා.
මැයි 02 දා පළාත් නමයේම ආණ්ඩුකාරවු 9 දෙනා කැඳවලා තමාගේ පළාතේ හමුදාව පොලීසිය රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කිරීම ගැන ඒ අයට පැහැදිලි කළා.
මැයි 02 දා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු හමුදා ප්‍රධානීන් සමග මාව හමුවෙලා මේ අවස්ථාවක කටයුතු කළ යුතු අකාරය දැක්වෙන වාර්තාවක් මා වෙත භාර දෙනු ලැබුවා.
මේ වාර්තාව ආරක්ෂක මණ්ඩලයේදී ආරක්ෂක ලේකම්වරයාට භාරදුන්නා. මැයි 06 දා ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් ප්‍රමුඛයින් වන වාණිජ්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කළා.
මේ සියලු සාකච්ඡා මේ සියලු රැස්විම් මම තනියෙන් කරපු රැස්වීම් නෙමෙයි. පසුගිය සතියේදී මුළු කැබිනට් මණ්ඩලයටම ආරාධනා කළා ආරක්ෂක මණ්ඩලයට.
මම කාදිනල් හිමියන් ආරක්ෂක මණ්ඩලයට කැඳවූවා. මන්ත්‍රිවරුන්ට කැඳවූවා. ආරක්ෂක මණ්ඩලයේ සාමාන්‍ය පෙර තිබූ තත්ත්වයට වඩා ව්‍යුහයක් ඇතිකර තිබෙනවා.
ආරක්ෂක මණ්ඩලය ප්‍රධාන වශයෙන්ම ශක්තිමත් පුළුල් ව්‍යුහයක් තුළ පෙර තිබුණ තත්ත්වයට වඩා ක්‍රියාත්මක වෙනවා.
ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන තනතුරු වෙනස් කළා. රටපුරා කළ යුතු වැටලීම් වලට අමතරව මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇතිකළා.
මේ සමග රටේ ජනතාවගේ බිය සැක තුරන් කිරිමටත්, ත්රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ප්‍රධාන වශයෙන්ම ආරක්ෂක තත්තවය ගැන සතුටුවිය හැකි ස්ථානයක රට තිබෙනවා.
මේ ප්‍රශ්ණයේ පසුබිම හා ජාත්‍යන්තර ත්‍රස්තවාදාය ගැන අනවබෝධයෙන් බොහෝ දෙනෙක් කටයුතු කරනවා. මේ වන විට ආරක්ෂක හමුදා ඉතාම සාර්ථක ලෙස මෙහෙයුම් ඉටුකරලා රට හොඳ තත්ත්වයකට ගෙනත් තිබෙනවා.
මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන ද්‍රව්‍ය අතර හා පුද්ගලයින් පිළිබඳව කථා කළොත් අපි අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්යාවවෙන් 12ක් ප්‍රභල ත්රස්තවාදීන්.
බෝම්බ හදන්න ගන්න ක්‍රිස්ටල් පවුඩර් කිලෝ 200කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. සේෆ් හවුස් 13ක් සොයාගෙන තිබෙනවා. බැංකු ගිණුම් 41ක් සොයාගෙන තිබෙනවා.
මෙයට සම්බන්ධ සියලු දෙනාගේම වත්කම් රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු කර අවසන්. ප්‍රහාරයට සුළු උපකාර කළ අයෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් ගෙවා තිබෙනවා. ඒ මුදල්වලින් රුපියල් මිලියන 18ක් සොයාගෙන තිබෙනවා.
ත්රස්තවාදීන්ට අයත් වාහන 15ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් සයිකල් 4ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අත්අඩංගුවට ගැනීම් සියල්ල සමග කරන පිරීක්ෂණ සාර්ථක තැනක තිබෙනවා.
popular news
-
Champa Tuesday, 07 May 2019 06:11 PM
මෙන්න පේනවද මෙයා කියන කතාව. (මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය) උදේ 10 ට දැන ගත්තලු. ඊට පස්සේ මේ මිනිහ හෙවත් ලංකාවේ ජනාධිපති එක phone call එකක් ලංකාවේ කාටවත් දුන්නද? අඩු ගානේ හමුදාපතිට කතා කරලා order එකක් දුන්න නම් ඉතුර ජීවිත බේරා ගන්න තිබුන. ඒ වෙනුවට රටේ ජනාධිපති FB බල බල ඉඳල. නෙද්දකින්. 12 ටත් දැනගෙන ඉඳල. වෙන රටක ජනාධිපති කෙනෙක් නම් විශේෂ ගුවන් යානයක් ඇරගෙන වහාම ලංකාවට එනවා 10 ට දැන ගත්ත ගමන්. මෙයා ආවේ බෝම්බ ඔක්කොම පිපිරෙන්න ඇරලා පැය 24 කටත් පස්සේ පහුවෙනිදට එළිවෙන පාන්දර. ඔන්න වැඩ. ඊලඟට රටේ අගැමති NDTV එකට කිව්වා බෝම්බ ප්‍රහාරය ගැන තොරතුරු දැනගෙන හිටිය කියල. ඒ විතරක්ද බෝම්බ පුපුරවන බව පැයකට කලින් දැනගෙනත් හිටියලු. මුලින් 21වෙනිද කියපු එකම ආපහු කියනවා. ජනාධිපති අගමැති දෙන්නම සහ වහල් ආණ්ඩුව මේ බෝම්බ ප්‍රහාර ගැන දැනගෙන හිටිය. මම නෙමෙයි කියන්නේ. මුන්මනේ කියන්නේ. මේ කතාවෙන් පස්සේ ජනතාවගේ බිය සැක වැඩි වෙනවා. ඒ මොකොද රටේ පාලකයෝම තමයි ජනතාවට බෝම්බ ගස්සල තියෙන්නේ. නෙද්දකින්. මිනිස්සු කාවද විශ්වාස කරන්නේ? සිංහලයන්ට රටේ නායකත්වයට මිනිහෙක් මේ වෙලාවේ හිටිය නම්, මේ බාන ගෙදර යවන එක මේ මොහොතේම කරන්න තිබ
Reply : 0 0
Champa Tuesday, 07 May 2019 06:37 PM
මේක කියන්න වෙන තැනක් නැති නිසා මෙතනම කියනව. මීගමුවේ ඊයේ පෙරේද වෙච්ච පෞද්ගලික අරවුලකදී දේපල හානි වුනාලු ඒ හින්ද එව්වට වන්දි ආණ්ඩුවෙන් ගෙන්වන්න කියල අගමැති කියනවා. මේකට සම්පූරණ විරෝධය පල කරනවා. ආණ්ඩුවේ සල්ලි රනිල්ගේ අම්ම අප්පාගේ බූදලේ නෙමෙයි මහජන මුදල්. එක එකා ගහ ගන්න ගහ ගන්න පාරට, වාහන දේපල ගිනි තියා ගන්න ගානට මහජන මුදල් වලින් වන්දි ගෙවන්න යන්නේ මොන නීතියකටද? මේකට සම්පූරණ විරුද්ධයි. හානි වෙච්ච දේපල වලට වන්දි ගෙවන්න ඕනේ හානි කරපු මිනිස්සු මිසක් මේකට කොහෙත්ම සම්බන්ධයක් නැති අහක ඉන්න ජනතාවනෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

