ආයුර්වේදයට විශේෂ අවධානයක් යොමුව තිබෙනවා
ආයුර්වේදය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අනුරාධපුර ආදිත්‍යා ආයුර්වේද කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
"බටහිරෙන් බලපෑම් පැමිණෙන්න පෙර මේ රටේ පන්සල ආශී‍්‍රතව වෙදකම පැවතුනා. අනුරාධපුරයේ පුරා වස්තු දෙස බැලීමේදී අපිට මොන තරම් දියුණු ආයුර්වේද ක්‍රමයක් පැවතුණාද කියලා පේනවා. කාලයක් පාරම්පරිකව ආයුර්වේදය කර ගෙන ආවා.
ආයුර්වේදය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් පත්කලේ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරිමටයි. ආයුර්වේදය සම්බන්ධයෙන් පර්යේෂණායනතයක් තිබුණත් එහි සාර්ථකත්වය ගැන කියන්න බැහැ. එයින් මොන තරම් පරික්ෂණ කෙරෙනවාද කියන්න දන්නේ නැති නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නයි ඇමැතිවරයාට සහ නිලධාරින්ට පවසා තිබෙනවා.
අපේ සෑම පැලැටියක්ම ආයුර්වේද පැලෑටියක්. ජනතාවට සහ ලෝකයාට ඒ දෙවල්වලින් ප්‍රයෝජනයක් ඇති වෙන විදියට කටයුතු කළ යුතු කාලයක්."
popular news
-
Champa Saturday, 28 December 2019 07:31 PM
අපේ හෙළ වෙදකමට රාවණාගේ කාලේ වෙනකම් ඈත ඉතිහාසයක් තියෙනව. හෙළ වෙදකම සහ ආයුර්වේද වෙදකම ගැන කතා කරනවා අහන්නත් සතුටුයි. මේ දෙක දෙකක්. අපේ මිනිස්සු හුඟක් ලෙඩ වෙන්නේ ස්වභාවික ප්‍රතිශක්තිය නැති හින්ද. බටහිර විද්‍යාවේ ඇන්ටි බයොටික් කියල දීල කරන්නේ කෘත්‍රිම ප්‍රතිශක්තිය ශරීරයේ හදන එක. අපේ සිංහල ආහාර පාන වලින් ඕනේ හැටියේ ස්වභාවික ප්‍රතිශක්තිය ලැබෙනවා. වෙන එකක් තියා අපේ කුළු බඩුත් බෙහෙත්. කහ, ඉඟුරු, සුදුලූනුත් බෙහෙත්. කොළ කැඳ, මීකිරි, බෙලිමල්, රණවරා ඔක්කොම බෙහෙත්. මිනිස්සු සිංහල ආහාර වලින්, අලුත් එළවලු පලතුරු කෑමෙන් ඈත් වෙලා ශීතකරණවල තියාගෙන කන දේවල් වලට පුරුදු වෙලා නිසා ස්වභාවික ප්‍රතිශක්තිය ඇති වෙන්න ඉඩක් නැති නිසා හැම තිස්සෙම ලෙඩ වෙනවා. ඊළඟට අපේ හෙළ වෙදකමේ කරන්නේ ලෙඩ නිට්ටාවටම සුව කරන එක. බටහිර වෙදකමෙන් කරන්නේ ලෙඩේ තාවකාලිකව යටපත් කරන එක. ලෝකේ පලවෙනි රෝහල තිබුනේ ලංකාවේ. ශල්‍යකර්ම ලෝකෙට හඳුන්වා දුන්නෙත් අපේ රජවරු. අගමැතිතුමා අපේ සිංහල වෙදකම ඉස්සරහට ගෙන්න හදන එක ඉතාම ඉහලින් අගය කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

