දිස්ත්‍රික්ක කිහිපයකට ඇඳහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදා තත්ත්වයක් මේ වන විට පහව ගොස් තිබුණද ඇතැම් ප්‍රදේශවල තවමත් ගංවතුර අවදානම් සම්පුර්ණයෙන් පහව ගොස් නැති නිසා අනවශ්‍ය ලෙස වතුරට බැසිමෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟම බෝවන රෝග රැසක් පැතිර යාමට ඉඩකඩ ඇති බැවින් ජනතාව ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කිරිමෙන් රෝග වලකා ගත හැකි බවද සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.
කුඩා ළමුන් , රෝගි පුද්ගලයින් සහ වයස්ගත වු පුද්ගලයින් ගංවතුර තත්ත්වයන්ට නිරාවරණය විමෙන් රෝගවලට ගොදුරු විමේ වැඩි ඉඩ කඩක් පවතින බැවින් එවැනි පුද්ගලයින් හැකිතාක් ආරක්ෂාකාරිව පියවරයන් අනුගමනය කිරිමට පියවර ගත යුතු බවත් සියලු පිරිස් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් අවධානයෙන් කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය හේමන්ත හේරත් මහතා විපතට පත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
