ආණ්ඩුව මද්රාසා පාසල් ලියාපදංචියට සැරසෙනවා - ජිනවංශ හිමි
මද්රාසා පාසල් තහනම් කරන බවට පවසමින් බලයට පත්වූ ආණ්ඩුව එම පාසල් ලියාපදිංචි කිරිමට සැරසෙන බව හෙළ බොදු සවිය සඳහන් කරයි.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මද්රාසා පාසල් ලියාපදිංචි කරන ලෙසට දන්වා ඇති බවත් එසේ ලියාපදිංචි කරන්නේ කුමන නිර්ණායකයක් යටතේද යන්න පිළිබඳව හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුඟල ජිනවංශ හිමියෝ සඳහන් කරති.
2019/05/03 දා වන විට ශ්රී ලංකාවේ මද්රාසා පාසල් 1669ක් පවතින බවත් එහින් අරාබි බසින් උගන්වන පාසල් 371ක් පවතින බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
ලංකාවේ මද්රාසා පාසල් වල ඉගැන්වීම් කටයුතු කරන ගුරුවන් නියාමනය කරන්නේ කුමන ආයතනයකින්ද යන්න තවමත් අපහැදිලි කරුණාවක් බවත් උන්වහන්සේ සඳහන් කරති.
මෙම මද්රාසා පාසල් ලියාපදිංචි කිරිම ඉස්ලාම් කටයුතු දෙපාර්තමේන්තු යටතේ නම් එය නරියාට කුකුලන් බාරදුන්නා වැනි ක්රියාවක් යැයිද ජිනවංශ හිමියෝ පවසති.
ආණ්ඩුව මද්රාසා පාසල් ලියාපදිංචියට සැරසෙන්නේ මහ මැතිවරණයේ සුළු ජාතික ඡන්ද අපේක්ෂාවෙන් බවත් එවැනි ක්රියා සිදුනොකළ යුත්තක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති.
-
ranjith Tuesday, 14 January 2020 05:03 AM
ජනතාව චන්දෙ දුන්නේ වෙනසකට අ වෙනස වෙන්නේ නෙතිනම්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

