ආණ්ඩුවෙන් එළියට ආවේ ජාමේ බේරා ගැනීමේ කල්ලියක්
යුගදනවි බලාගාරයේ එල්.එන්.ජී. ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ඊයේ මහජන සම්මන්ත්‍රණයක් පැවැත්වූයේ ජාමේ බේරා ගැනීමේ කල්ලියක් බවත් ඔවුන් ඉදිරිපත්වුණේ ජනතාවගේ බුර බුරා නැගෙන ජනතා විරෝධයෙන් ආණ්ඩුව බේරා ගැනීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඊයේ අද (30දා) පස්වරුවේදී බලපිටියේදී කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නානායක්කාර මහතා මෙසේද කීවේය.
“මේ කල්ලිය එළියට බැස්සේ සැබෑවටම ජනතවට ආදරයෙන් නම් නෙමෙයි. ආණ්ඩුව බේරා ගැනීමටයි. මහජන මන්ත්‍රණ සභාව කියලා මේ කල්ලිය කරන්නේ ලොකු ප්‍රෝඩාවක්.ලොකු වංචාවක්.
රට විදේශිකයින්ට විකුණනවා කියලා බොරු බේගල් ඇදලා ද්විත්වපුරවැසිභාවයක් තියෙන අයෙකුට මේ රට භාරදෙන්න එදා කටයුතු කළේ මේ කල්ලියයි. ලැජ්ජ නැතුව දැන් පාරට බැහැලා කෑගහනවා අපි ඉදිරිපත් වෙන්නේ රට බේරා ගන්න කියලා. ඇමතිකම් එපා කිය කිය තවදුරටත් ඇමති කමේ ඉන්නවා. මේ කල්ලිය කරන්නේ ජාමේ බේරා ගැනීමේ කොන්ත්‍රාත්තුවක්”
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
popular news
-
janahitha Sunday, 31 October 2021 03:26 AM
oba karanneth dsaplanika vashayen vadagath novana vadak mema virodya ennata ona vipakshen namuth karanne horun araksha vena katha pamani
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

