ආණ්ඩුවයි විපක්ෂයයි තානාපති කාර්යාල දේශපාලනයට බැහැලා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ආණ්ඩුව මෙන්ම විපක්ෂය මේ වන විට තානාපති කාර්යාල සමග සාකච්ඡා කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මේ බව පැවැසීය.
“මේ රටේ දෙශපාලනය කරන අයගෙන් 95%ක් ඉන්නේ තමන් වෙනුවෙන් දේශපාලනය කරන අය.
අද සන්ධාන, පෙරමුණු නැතිව කාටවත් ආණ්ඩු හදන්න බෑ. වාම ප්රගතිශීලී දේශපාලනය තුළත් සන්ධානයකින් තමයි ආණ්ඩු හදන්න පුළුවන් වෙන්නේ.
දූෂණයෙන් තොර අයගේ පෙරමුණක් තමයි අවශ්‍ය වන්නේ. අර ලකුණද මේ සලකුණද නෙමයි ප්‍රශ්නේ. ඕන නමක් දාගන්න පුළුවන්. පාතාලයෝ, කුඩු කාරයෝ මිනී මරුවෝ කොයි පක්ෂයේ හිටියත් ඒ අයත් එක්ක ආණ්ඩු හදලා වැඩක් නෑ.
විදේශ බලවතුන්ට බලවේග වලට යන නොවන ආණ්ඩුවක් හදන්න ඕන. ආණ්ඩුවයි අපි හැර විපක්ෂයේ අය අද වන විට තානාපති කාර්යාල සමග සාකච්ඡා කරනවා. තානාපති කාර්යාල දේශපාලනයට බැහැලා.
ඇමෙරිකන් තානාපතිනිය මාව හම්බවෙන්න ආවා. මම ඉන්නකම් ගිවිසුම් අත්සන් කරන්න දෙන්නේ නෑ කිව්වා.
රටට ආදරය කරන දේශපාලඥයන්ගේ පෙරමුණක් අවශ්‍යයි. අපි හදිස්සි වෙන්න ඕන නෑ. කලබල වෙන්න ඕන නෑ. අපි කියන දර්ශනය, පක්ෂයේ අනන්‍යතාව, පක්ෂයේ දර්ශනය සියලු දෙනාගේම ගෞරවය ආරක්ෂාවන ප්‍රතිරූපය ආරක්ෂා වන වැඩපිළිවෙළකට අපි යන්නේ.
අපේ ප්‍රතිපත්තිවලට ගැලපෙන විදිහට වැඩපිළිළෙ තියෙන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැලලිය නොහැකි, මැරිය නොහැකි දේශපාලන පක්ෂයක්. පනින අය තමන් වෙනුවෙන් දේශපාලනය කරන අය.”

popular news
-
Champa Monday, 23 September 2019 02:01 AM
යූඑන්පී එකයි පොහොට්ටුවයි දෙකම, ඒ කියන්නේ රනිල් සහ බැසිල් දෙන්නම චන්ද පොරොන්දු දීල තියෙන්නේ තානාපතිවරුන්ට. හැබැයි. මම හිතන විදිහට මේ වතාවේ තානාපතිවරු ඔය දෙගොල්ලටම උදව් කරන්නේ නැහැ. ඔවුන් බොහෝ විට, බොහෝ විට, ජනතාවගේ තීරණයට ගරු කරන මට්ටමට යයි කියල මම හිතනවා. ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන නැහැ කියල කෙලින් කියපු එකට ස්තුතියි. ගෝඨාභය ඇතුළු කිසිම චන්ද අපේක්ෂකයෙක් තාම කියල නැහැ මේ ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා. අපේ බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තමයි ඇමරිකාව වගේ රටවල් විවිධ අනිත් රටවල තමන්ට හීලෑ නායකයන් සහ ආණ්ඩු පත් කරගන්න හැදුවට ලෝකේ අනිත් බොහෝ ප්රජාතන්ත්රවාදී රටවල් තමන්ගේ රටට ආදරය කරන, රට වෙනුවෙන් කතා කරන, සටන් කරන මිනිස්සුව ඉහලින් අගය කරනවා. දීන, බියගුළු ජාතීන්ට වඩා අදීන, එඩිතර ජාතීන්ට ඔවුන් ගෞරව කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

