ඉදිරියේදී ආගමික උත්සව කිහිපයක් පැවැත්වෙන බැවින් හදිසි නීතිය මාසකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (31දා) පැවසීය.
මහනුවර දළදා පෙරහර,දෙවුන්දර පෙරහර,මඩු මංගල්‍යය ඇතුළු ආගමික උත්සව කිහිපයක් රටපුරා පැවත්වීමට නියමිත බැවින් එම ප්‍රදේශවලට වැඩි ආරක්ෂාවක් යෙදිය යුතු බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
“ජනාධිපතිවරයා ආරක්ෂක කමිටුවේදී හමුදාපතිවරයා පෙලිස්පතිවරයා සමග සාකච්චා කරලා හදිසි නීතිය මාසයකින් දිර්ඝ කිරීමට තීරණය කළා. රජයට අවශ්‍ය නැහැ හදිසි නීතිය තියාගෙන වෘත්තිය සමිති හෝ ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්න.
අපි ත්‍රස්ත ව්‍යාපරය මර්දනය කරගෙන යනවා. අගෝස්තු මාසයේදී පෙරහර හා පල්ලිවල පූජා තිබෙනවා.නුවර පෙරහරට දහස් ගණනක් එනවා. ඒ නිසා පොලීසියට අමතරව හමුදාව යෙදීමට අවශ්‍යයි. දැනටමත් නුවරට බුද්ධි අංශ නිලධාරින් යවා තිබෙනවා. දැනට එම ප්‍ර දේවල අවශ්‍ය ආරක්ෂාව තර කර තිබෙනවා.
ඉදිරියෙදී දෙවුන්දර පෙරහර තිබෙනවා. කතෝලික මඩු පල්ලියේ මංගල්‍යයට ආරක්ෂාව යෙදවීම අවශයි.”
