ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සේවා ගැටළු විසදීමට අවශ්‍ය මැදිහත්වීම 10/02 දින සිට ඉදිරි පැය 48 ක කාළය තුළ සිදු නොවුණු හොත් , සියලුම ගුවන් තොටුපළ , වරාය ඇතුළු තම නිලධාරීන් රාජකාරී සිදු කරන සියලුම සේවා ස්ථාන ආවරණය කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගල මහතා පවසයි.
දීර්ඝ කාලයක් තිස්සේ ආගමන විගමන සේවාවට සිදු වී ඇති අසාධාරණකම් සහ තම සේවාවේ හටගෙන ඇති බරපතළ ගැටළු විසදා ගැනීමට අවස්ථා රාශියකදීම බලධාරීන්ගේ අවධානය යොමු කළ ද , ඒ සදහා සාධනීය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කර නොමැති බව කණුගල මහතා පෙන්වා දෙයි.
ටී.කේ.ජී. කපිල
