අහිමි වෙන ඉරාන තේ වෙළෙඳපොළ වෙනුවට රජය විකල්ප සොයාගෙන නෑ
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනවලින් සියයට 19ක් මිලදී ගන්නා ඉරානයට ලබන මාසයේ සිට තේ අපනයනය කිරීමට නොහැකි වී ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට පනවා ඇති සම්බාධක මෙයට හේතු වී ඇත.
ශ්‍රී ලංකාවේ තේ මිලදී ගන්නා ප්‍රධාන රට වූ ඉරානය ගිය වසරේ දී තේ කිලෝග්‍රෑම් කෝටි 13 මිලදී ගෙන ඇති අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 681ක් බව හිටපු ඇමැති සුනිල් ප්‍රේම ජයන්ත මහතා කීය.
ඉරාන වෙළෙඳපොළ අහිමි වී යාම වෙනුවෙන් වෙනත් වෙළෙඳපොළ සොයා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වී ඇති අතර එසේ නොවුනහොත් රුපියල් කෝටි 5448ක මුදලක් අහිමි වන බව ද ඔහු සඳහන් කළේය.
අලුත් වෙළඳපොළවල් සොයා ගැනීම සඳහා රජය මෙතෙක් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නැතැයි ද ඔහු කීය.
දයාසීලි ලියනගේ - ඉරිදා ලංකාදීප

popular news
-
Chanel Sunday, 14 October 2018 10:46 PM
ලොකුම මොළ කරය ආණ්ඩුව පැත්තේ ඉදල ප්‍රසන විසදන්නන් තිබුනනේ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

