අස්වනු මිලදී ගැනීම විද්‍යානුකූල ක්‍රමයකට කරන්න - ජනපති
ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ප්‍රථම වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
ඉදිරි උත්සව සමයේ දී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
එමෙන්ම ඉදිරි කන්නයේ සිට අස්වනු මිලදී ගැනීමේ දී විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
වී මිලදී ගැනීමේ දී මතුව ඇති ගැටළු රැසක් එමගින් නිරාකරණය කෙරුණු අති බව ජනාධිපතිවරයා පැවැසීය.
දිවයින පුරා ගබඩා පහසුකම් පුළුල් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.
සහල් මිල පාලනයට රජය ගත් තීරණය සමග එහි ප්රතිලාභ පාරිභෝගික ජනතාව වෙත ලැබෙන අයුරු ද විමර්ශනය කෙරිණි.
පාලන මිල නොසලකා වැඩි මිලට සහල් විකිණිම ක්‍රම ක්‍රමයෙන් පහත බසිමින් පවතින බව පාරිභෝගික සේවා අධිකාරිය පෙන්වා දුන්නේය. ඊට අදාළ වැටලිම් පුළුල් කර තිබේ. එමෙන්ම වෙළඳුන් දැනුවත් කිරීමට ද කඩිනමි වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය.
තිරිගු පිටි මිල පාලනයට රජය ගත් පියවර මෙන්ම අනෙකුත් අත්‍යාවශය භාන්ඩ සඳහා ලබාදුන් බදු සහනවල ප්රතිලාභ පිළිබදව ද සමාලෝචනයට ලක් කෙරිණි.

popular news
-
Kapila.bandara Tuesday, 24 December 2019 11:35 PM
Hodatama.හොදි
Reply : 0 0
Athula Tuesday, 24 December 2019 11:47 PM
මෙතරම් මුදල් අර්බුදයක ඉඳලත් අගමැති koti 30 k වියදම් කරන්නේ ආලුත් ලීබඩු වලට ඉතින් කොහොමද නාස්තිය නතර කරන්නේ ඔය හාල් මෆිඅවේ ඉන්නේ ඔබලගෙම පක්ෂයට සම්බන්ද කුඋට වියපාරිකයින් 4 කනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

