Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා
2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා
එක්සත් ජාතික පක්ෂ පාලකයන් රටට හා ජනතාවට ආදරේ නැති බවත් එය ප්‍රසිද්ධියේ බයක් නැතිව නිර්භයව ප්‍රකාශ කරන බවත් තමන්ට නැතිවෙන්නට හා ඇතිවෙන්නට දෙයක් නැති මුත් රට ජාතිය වෙනුවෙන් කෙළින් කථා කිරිම අවශ්‍ය බවත් අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පවසති.
අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් මෙසේ පැවැසුයේ ඊයේ (15දා) ඓතිහාසික දොඩම්වල දියකෙළිනාවල කිත්සිරිමෙවන් රජමහා විහාරස්ථානයේ 21 රියන් බුද්ධ ප්‍රථිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය හා නිරිරණය කිරිමේ උත්සව අවස්ථාවේදිය.
“රට රැක ගැනිම ගාමිණි දිසානායක මැතිතුමාගේ කාලෙන් පස්සෙ අවසානයි. ඉන් මෙහා ඇති වෙච්ච එක්සත් ජාතික පක්ෂ පාලකයෝ මේ රටට ආදරේ නෑ. මේ රටේ ජනතාවට ආදරේ නෑ කියල අපි ප්‍රසිද්ධියේ කියනව කිසි බයක් නෑ.
අපි නිර්භයව කියනව අපිට නැතිවෙන්න දෙයකුත් නෑ ඇතිවෙන්න දෙයකුත් නෑ නමුත් අපි කෙළින් කතා කරන්නට ඕන මේ රට ආරක්ෂා වෙන්නට ඕන. සිංහල ජාතිය ආරක්ෂා වෙන්නට ඕන බෞද්ධයන් ආරක්ෂා වෙන්නට ඒකයි අපේ පරමාර්ථය.
භික්ෂුන් වහන්සේලා කැපවෙන්නෙ අපේ සිංහල ජනතාව රැකගන්න බුද්ධාගම රැකගන්න තමයි අපි කොතනත් කතා කරන්නෙ අපි නිහඬව හිටියා නෙමෙයි අපි ආපු හැම නායකයෙකුටම කිව්ව අපි ප්‍රසිද්ධ වෙන්න කතා කළේ නෑ. ඒ අයට කරුණාවෙන් සිහිකරලා මේ අවස්ථාවේ කළ යුත්තෙ මේ දේ කියල.
ඊයේ පෙරේද ආපු දේශපලඥයෙකුටත් මම සඳහන් කළා එයා එක්සත් ජාතික පක්ෂයෙ කෙනෙක් එයාට මම කිවුව එක්සත් ජාතික පක්ෂය ඉවර වෙලා තියෙන්නෙ කියල ආයෙ මේකට පණ දෙන්න පුලුවන් කමක් නෑ එකසත් ජාතික පක්ෂය නිසා තමයි මේ රට නැති වුණේ කියල මම කෙලින්ම කිවුව.”
චමිල් රූපසිංහ
popular news
niranjana herath Sunday, 16 June 2019 12:10 PM
සංඝයා වහන්සේ දේශපාලනය නොකලයුතුය.මේ එක පක්ෂයකට කඩේයාමකි. ගාමිණී ගෙන් පසුව ඉන්නේ රනිල් අගමැති නරකද?ජාති වාදය ඇති කරන මහින්ද හොදයි අස්ගිරියේ හැටි කවදත් එහෙමයි.
Reply : 148 304
nimal Sunday, 16 June 2019 01:44 PM
හාමුදුරුවනේ මමත් හොඳ සිංහල බැතුමතෙක් .නමුත් මගේ සැමියා හොඳ සිංහල කිටුනුවෙක්.අපි දෙදෙනා හිතන්නේ අපේ සිංහල රටේ ඉන්න සියලු ජාතික සියලු ආගමික ජනයා බෙදුමක් නැතුව .ආරක්ෂා වියයුථුඉ ආරක්ෂා කලයුතුමය මේ අපේ අදහසය
Reply : 0 86
PRIYANTHA Sunday, 16 June 2019 04:04 PM
අස්ගිරිය කොහොමත් මෙදමුලනට කඩේ යනබව පොඩි එකා පවා දන්නවා
Reply : 0 0
T. Rex Sunday, 16 June 2019 06:58 PM
පණ්ඩිතයෝ හැමතැනම නිසා අපට පාර පැනීමටවත් නොහැකිවී ඇත. ආගමත්, රටේ දියුණුවත්, දේශපාලනයත් එකිනෙක සමග නිතර ගැටීමෙන් අපේ රට නොදැනුවත්වම පියවර තබන්නේ පිටුපසටය.
Reply : 0 0
කපිල Sunday, 16 June 2019 09:57 PM
ස්වාමින්වහන්සේලාගේ වගකීම බුදුදහම රැක ගැනීමයි. ඒ උනාට දේශපාලන පක්ෂ වලට කඩේ යන මහා සංඝරත්නයත් වැඩ ඉන්නවා. මේ රටට කෙලවෙලා තියෙන්නේ ඒකයි. බෞධයෙක් හැටියට සියලුම ස්වාමින්වහෙන්සේලා ගෙන් කාරුණිකව ඉල්ලනවා පක්ෂ වලට කඩේ යාම නවත්තල බුදුදහම රැකගන්න එකතුවන්න කියල.
Reply : 0 0
rupa disanayake Monday, 17 June 2019 07:53 AM
මීලග ජනාධිපති ලෙස ග්රමසේවකයෝ,පොලිස්කාරයෝ 8පාස් උන් ඕනෙම නැහැ .දැන උගත් විශ්ව විද්‍යාලයක උපාධියක් ඇති මිනිහෙක් ඕනේ නිහතමානී යමක් කමක් ඇති .හිගන්නෝ එපෝ .උන් එන්නේ පම්පරා ගානකට හම්බ කරන්න.දරු වෝ නැති සහෝදර සහෝදරියෝ නැතිනම් හෝ අඩුනම් හොදා..
Reply : 0 0
Champa Monday, 17 June 2019 09:56 AM
මොකක්ද මේ පුටුවලට දාල තියෙන රෙද්දවල් දෙක? ඕනෙම ලොකු හාමුදුරු කෙනෙකුට ඉඳගන්න පුටුවට දාන්න ඕනේ සුදු රෙද්දක් විතරයි. කවුද මේ පිංකම සංවිධානය කලේ? පිටදූවද?
Reply : 0 0
චමින්ද Monday, 17 June 2019 02:02 PM
ඔහොම කියන ඔබ වහන්සේත් වැරදි කරන එකයි අපිට දුක.2019.0612 වෙනිදා ඔබ වහන්සේ එක් සාමනේර කෙනෙකුට උපසම්පදාව දෙන්න කැඳවා තිබුනා ඒ සාමනේර නම එක් විහාරයක නායක හිමියන්ගෙන් පංසලක් බලෙන් අල්ලාගෙන සිටින්නේ දැන් එම පංසල අයත්ව තිබුන මල්වතු පාර්ශවයේ හිමියන් අස්ගිරි පාර්ශවය අතර මතභේදයකට මංපෑදී තියෙන්නේ ඔබ වහන්සේගේ එම උපසම්පදාව නිසා.දැනටමත් පැරණිවිහාරයට අයත් ගම බෙදිල. එනිසා පක්ෂ හදන්න ඉස්සරවෙලා නිකාය හදාගන්නත් සාසනය රැකින්නත් උනන්දුවෙන සේක්වා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd