අසර්බයිජාන්හිදී මියගිය සිසුන්ගේ දේහ නිවෙස් වෙත
අසර්බයිජාන්හිදී හදිසි අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ, ඊයේ දිවයිනට රැගෙන එනු ලැබීය.
ඔවුන්ගේ දේහයන් මේ වනවිට ඔවුන්ගේ නිවෙස්වල තැන්පත් කර තිබේ.
මල්ෂා සංදීපනි, ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායා සහ අමෝද්‍යා මදුහංසි අසර්බයිජාන්හි මියගොස් තිබුණේ ඔවුන් නවාතැන් ගෙන සිටි නිවසේ ඇතිවූ ගින්නකින්ය.
නිවසේ ඇති වු ගින්නකින් ඒ දුම ආඝ්රාහනයවීමෙන් මෙම සිසුවියන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.
ඔවුන්ගේ දේහයන් දිවයිනට රැගෙන එනු ලැබුවේ ඊයේ පෙරවරුවේදීයී.
මිය ගිය තිදෙනා අතර පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි සිටි සහෝදරියන් දෙදෙනෙකුද වෙයි.
ඔවුන් අතරින් වැඩිමල් සොහොයුරිය වන මල්ෂා සංදීපනි 23 වැනි වියෙත් ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායා 21 වැනි වියේ පසු වූ අතර ඔවුන් දේහ අද අලුයම නිවසට රැගෙන එනු ලැබිය.
හෙට(17) පස්වරුවේ තුම්බෝවිල පොදු සුසාන භූමියේදී ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.
සිද්ධියෙන් මියගිය අනෙක් සිසුවිය වන 25 හැවිරිදි කඩුවෙල ප්‍රෙද්ශයේ පදිංචිව සිටි අමෝද්‍යා මදුහංසිගේ දේහය ද ඊයේ රාත්‍රියේ නිවසට රැඟෙන ආවේය.
අවසන් කටයුතු එලැඹෙන සෙනසුරාදා කඩුවෙල බෝමිරිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
