අවුරුදු 5ක් වයස දරුවන් සියයට 63කගේ දත් දිරලා
මෙරට අවුරුදු පහක් වයසැති දරුවන්ගෙන් 63%කගේ දත් දිරා ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
එම සමීක්ෂණයේ දත්තවලට අනුව ළමයින් කාණ්ඩ 03කට බෙදා වෙන් කෙරෙන අතර, ඒ අවු.5, අවු.12 සහ අවු.15 වශයෙනි.
වයස අවුරුදු දොළහේ පසුවන දරුවන්ගෙන් 30%කගේත් වයස අවුරුදු 15 පසුවන දරුවන්ගෙන් 40%කගේත් දත් දිරා ඇති බව සඳහන් වේ.
මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ, කිරි දත්වලට සිදුවන හානි එම දරුවන්ගේ ස්ථිර දත්වල තත්ත්වය කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරන බව දන්ත වෛද්‍යවරු පෙන්වා දීමයි.
දත් දිරා යාමට ප්‍රධානතම හේතු ලෙස වැරදි ආහාර පුරුදු සහ දත් මැදීමේ වැරදි පුරුදු බවද දන්ත වෛද්‍යවරු පවසති.
නවෝද්‍යා පවනි

popular news
-
ජයරත්න Thursday, 15 August 2019 11:16 AM
ඔය දන්තාලේපකාරයෝ මේ ගැන මොකද කියන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

