පසුගිය රජය ක්රියාත්ම කවූ වසර හතර හමාරක කාලය තුළ ඉදිකර අවසන් කර ඇත්තේ නිවාස 9604ක් පමණක් බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ප්රකාශ කළේය.
එම කාලය තුළදී නිවාස ගම්මාන 2562ක ඉදිකිරීම් ආරම්භ කර ඇති බවත් ඉදිකිරීම් අවසන් කර ඇත්තේ ගම්මාන 368ක් බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
එම ගම්මාන 2562දී නිවාස ඒකක 65092ක් ඉදිකිරීමට යෝජිතව තිබුණත් ඉදිකර අවසන් කර ඇත්තේ නිවාස ඒකක 9604ක් බවත් ඔහු පැවැසීය.
මේ නිවාස ඉදිකිරීම සඳහා ඇතැම් අවස්ථාවලදී ණය ලබාදී ඇති බවත් ණය ගෙවීම් අවසන් කර නොමැති හෙයින් ඔප්පු ලබාදීමක් සිදුකර නොමැති බවත් අගමැතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් ඔවුන්ට ඔප්පු ලබාදීම සඳහා කටයුතු සිදුකරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
