අවතැන් කඳවුරු වෙත නොමිලයේ විදුලිය දෙන්න - රවී
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පිරිස් රඳවා තබන තාවකාලික කඳවුරු වෙත නොමිලයේ විදුලිය පහසුකම් සැපයීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ අදාළ අංශ වෙත උපදෙස් දි තිබේ.
දින ගණනාවක් මුළුල්ලේ දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි ගස් කඩාටැටීම් සහ නායයාම් තත්ත්වයන් ඇති වී තිබෙන අතර ඒ තුළින් නිවාස වලට විශාල වශයෙන් හානි සිදුවී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ස්වභාවික විපත් හේතුවෙන් අවතැන් වු පිරිස් මේ වනවිට ආරක්ෂිත ස්ථානයන් වෙත යොමු කරමින් ඔවුන්ට සහන සැලසිමට රජය විසින් පියවර ගෙන තිබේ. පාසල්, පන්සල් ආදි ඉඩකඩ සහිත ස්ථානයන් මේ සදහා තෝරාගෙන ඇති අතර එවැනි තාවකාලික කඳවුරු සදහා අත්‍යාවශ්‍ය පහසුකම් සැපයීමට රජය විසින් පියවර ගනිමින් සිටි.
ඒ අනුව මේ වනවිට දිවයිනේ සක්‍රීයව පවතින අයහපත් කාලගුණික තත්ත්වය පහව ගොස්, අවතැන් වූ පිරිස් නැවත සිය ස්ථීර වාසස්ථාන කරා යොමුකරවන තෙක්, ඔවුන් රදවා තබන තාවකාලික කඳවුරු වෙත කිසිදු මුදලක් අයකිරීමකින් තොරව විදුලිය පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
කෂිනි හපුආරච්චි

popular news
-
Nuwan Thursday, 26 September 2019 02:01 AM
මේක ප්‍රවෘත්තියක්ද? මේකේ මොකක්ද තියන වටිනාකම. මේවා කියන්න දේවල් නෙමේ. හොකොමත් රජයක් කරන්න ඕනේ දේවල්. එකට තමා අපි tax ගෙවන්නේ. මේ අයගේ ගෙවල් වලින් ගෙනල්ල, බරපතල සාකච්චා කරලා, ඇමති තීරණ අරගෙන කරන්න ඕනේ දේවල් නෙමේ. එක්කෝ ඇමතිට පිස්සු, නැත්තම් මාධ්‍ය වේදීන්ට නිවුස් නෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

