අලුත්ගම දෙවස්ථාන විනාශ කරපු අය ළඟ වැඳ වැටෙනවා
තම පාලන කාලය තුළ ආගමික සිද්ධස්ථාන විනාශ කිරිමට ඉඩක් නොදෙන බවත් අතීතයේ සිදුවූ දේවල් ඇතැම් පාර්ශ්වයන්ට අමතක වී ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අනුරාධපුරයේ පැවැති ආගමික වැඩසටහනකදී ජනතාව අමතමින් ඔහු මේ බව පැවැසීය.
“එක්තරා පිරිසක් අලුත්ගම, බේරුවල ඉස්ලාමිය දේවස්ථාන විනාශ කළා. තවත් පිරිසක් මාවනැල්ලේ බුදුපිළිම විනාශ කළා. ඒ අන්තවාදය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒවා එළි පිට කතා කළ යුතුයි. ඒවා ගැන කතා කරන්නට හොඳ කශේරුකාවක්, කොඳු නාරටියක් තිබිය යුතුයි.
කිසිම අවස්ථාවක මේ රටේ බුදුපිළිම විනාශ කරන්නට ඉඩක් නැහැ. ඒවාට දැඩි දඩුවම් දිය යුතුයි. මේ රටේ ඉස්ලාමිය දේවස්ථාන විනාශ කරන්නටත් ඉඩක් නැහැ. ඒවාට දැඩි දඩුවම් දිය යුතුයි. කෝවිල් විනාශ කිරිම ක්‍රිස්තියානි, කතෝලික දේවස්ථාන විනාශ කිරිමට අපේ රටේ ඉඩක් නැහැ. එවැනි දේට දඬුවම් දිය යුතු කාලය පැමිණ තිබෙනවා.
කිසියම් පුද්ගලයෙක් ත්‍රස්ත කියාවක නියලුනා කියා අපට ඒ මුළු ජාතියම ත්රස්තයෝ කියා හංවඩු ගසන්නට බෑ. අද ජන සමාජය ව්‍යාකූල වි තිබෙනවා. සමහරෙකුට සිදුවුණු දේවල් අමතකයි. අද සමහරු බේරුවල, අලුත්ගම දේවස්ථාන විනාශ කරපු අය ළඟට ගොස් වැඳ වැටෙනවා. සමහරු අලුත්ගම සිද්ධින් වල මහා මොළකරුවන්ට මල්මාලා දානවා. අන්තවාදයට අපේ රටේ කිසිම ඉඩක් නැහැ. ත්රස්තවාදයට ඉඩක් නැහැ. ත්‍රස්තවාදය අප විනාශ කළ යුතුයි. අන්තවාදයත් විනාශ කළ යුතුයි.
මට රටේ ජනතාව වරම ලබා දුන් දිනක මා රටේ අන්තවාදයත්, ත්‍රාස්තවාදයත් විනාශ කරනවා. ජාති බේදයට, ආගම් බේදයට මා ළඟ ඉඩක් නැහැ. මගේ කාලවකවානුව තුළ බුදුපිළිම විනාශ කරන්නට බැහැ. ඉස්ලාමිය ආගමික සිදස්ථාන විනාශ කරන්නට බැහැ. පල්ලි කෝවිල් පුච්චන්නට බැහැ. ජාතිවාදි අරගල බැහැ ඒවාට දැඩි දඩුවම් ලබා දෙනවා. අපේ රට විනයක් ඇතිව ඉදිරියට යා යුතුයි."

popular news
-
Saththaya Sunday, 22 September 2019 08:12 PM
පක්ෂය විනාස කරලා කෑදර කමට ගන්න යන ජන වරම කෙසේ එකක්ද කියල ජනතාව බලාගෙන ඉන්නේ .
Reply : 0 0
Champa Sunday, 22 September 2019 08:20 PM
උතුරු නැගෙනහිර බෞද්ධ පන්සල් පූජා භූමි බුල්ඩෝසර් කරලා විනාශ කරන කොට කට වහන ඉඳපු , විජිතපුර නටබුන් නිවස අමාත්‍යංශය ලව්වා විනාශ කරවපු මිනිහ ඒ වගේම ගුරු කන්ද විහාරේ දෙමලු අල්ලගන්න කොට, මුහුදු මහා විහාරේ ඉඩම් මංකොල්ල කනකොට කට වහන ඉඳල දැන් චන්දෙ එනකොට කර අරිනවා. සිංහල බෞද්ධයන්ට සෑහෙන මොලේ අමාරුවක් තියෙන්න ඕනේ මෙයට චන්දෙ දෙන්න.
Reply : 0 0
Kumar Monday, 23 September 2019 07:09 AM
ත්‍රස්ත වාදය නවතන්න පුළුවන් කෙනෙක් ලොව ඉන්නවද? මහජනයාගේ චන්දය ගන්න බොරු පොරොන්දු දෙන්න එපා. රටේ බුද්ධි අංශ සැමවිට අවදානයෙන් සිටීමෙන් එම උවදුර අඩුකරගත හැකියි. මම ලියන්නේ ඩිෆෙන්ඩර් වලින් ගොස් මිනිමරා ලොකුකම් පෙන්වන බුද්ධි අංශයක් ගැන නොවේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

