අරුවක්කාලු හුණුගල් පරිශ්‍රය ඇමති විමල්ගේ නිරීක්ෂණයට
ලංකා සිමෙන්ති සමාගමට අයත් එහෙත් පෞද්ගලීකරණය හේතුවෙන් පෞද්ගලික සමාගමක් විසින් සිය නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා අරුවක්කාලු හුණුගල් පරිශ්‍රය පසුගියදා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
ඉහත පෞද්ගලික සමාගම හුණුගල් ලබා ගැනීම සඳහා සිදු කරන කැනීම්වලදී ඉවත් කරන රතු පස් තට්ටුවෙහි ටයිටේනියම් ඇතුළු වටිනා ඛනිජ තිබෙන බව තමන් වෙත වාර්තා වී තිබුණු බවත් ඒ පිළිබඳව සමීපව නිරීක්ෂණය කිරීමට එහි පැමිණි බවත් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.
මේ වන විටත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙම රතු පසෙහි අඩංගු ඛනිජ පිළිබඳ පර්යේෂණ සිදු කරන බවත් පැවසූ අමාත්‍යවරයා දැනට සිමෙන්ති නිෂ්පාදනයෙහි නිරත නොවන ලංකා සිමෙන්ති සංස්ථාව ඉදිරියේදී එම කාර්යෙහි නිරත කරවීමේදී මතුවන ගැටලු විමසා බැලීම ද තම නිරීක්ෂණ චාරිකාවෙහි තවත් අරමුණක් වූ බවත් සඳහන් කළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
