අරුවක්කාලු කසළ අංගනයේ අද (7දා) රාත්රියේ කිසියම් පිපිරිමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
මෙම පිපිරීමත් සමග කසළ අංගනයේ සමග දැවැන්ත ශබ්දයක් සමග අධික කම්පනයක් ඇතිවී තිබේ.
රාත්රි 8.45ත් 9 ත් අතර වේලාවන් තුළ මෙම පිපිරීම සිදුව තිබේ. මෙම පිපිරීම පිළිබඳව කසළ අංගනයේ නිළධාරීන්ගෙන් කළ විමසිමකදි පිපිරිමක් සිදුව ඇති බවට සනාථ කළද එය කුමක් දැයි සඳහන් නොකළේය.
පිපිරිමෙන් කසළ අංගනයේ කිසිවකුටත් හානි සිදුව නොමැති අතර එහි සේවය කරමින් සිටි සියලු සේවකයින් වහාම ඉවත් කිරීමට කටයුතු යොදා තිබු බව වාර්තාවෙයි.
මේ අතර තුර කොළඹ සිට අරුවක්කාලුවට කසල රැගෙන එමින් තිබු ටිපර් රථ 29 ක් ජා ඇල ප්දේරශයේදී ආපසු නැවත කොළඹ දක්වා හරවා යැවිමටද කටයුතු කර තිබු බවට තොරතුරු වාර්තා වෙයි.
පුත්තලම හිරාන් ප්රියංකර ජයසිංහ