අර්ජුනගෙන් නිලධාරින්ට දොස්
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙහි ගම්පහ මධ්‍යස්ථානය පිහිටා තිබු ස්ථානයෙන් , නව ස්ථානයක ස්ථාපනය කිරීම අද (27දා) දිනයේ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කෙසේ වෙතත් මෙහිදී සේවය ලබා ගැනීමට පැමිණෙන අයට පහසුකම් සලසා නොතිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහි ප්‍රධානීන්ට දැඩිසේ චෝදනා කළේය.
ගම්පහ කච්චේරිය ඉදිරිපිට පිහිටා තිබු වෛද්‍ය මධ්‍යස්ථානය එතැන් සිට කිලෝමීටරයක පමණ දුරක අතුරු මාර්ගයක පිහිටි පෞද්ගලික නිවසක අලුතින් ස්ථාපනය කළේය.
එම අවස්ථාවේ සේවාවන් ලබා ගැනීම පිණිස පැමිණ සිටි 400 ක පමණ පිරිසක් දැඩි අව් රශ්මියේ සිටිනු දුටු අමාත්‍යවරයා දැඩිසේ කෝපයට පත්ව , පැවැත්වීමට නියමිතව තිබූ උත්සව සභාවද අවශ්‍ය නොවන බව පවසමින් පැමිණෙන අයට පහසුකම් සලසා නොතිබීම සම්බන්ධයෙන් නිලධාරීන්ට දොස් පැවරීය.
නිලධාරීන්ගේ කාර්යාල වායු සමීකරණය කර ගනිමින් මෙහි සේවය ලබා ගැනීමට පැමිණෙන අයට පහසුකම් ඇති නොකිරීම නොවිය යුත්තක් බව පැවසූ අමාත්‍යවරයා , ජනතාව වෙනුවෙන් නිසියාකාරයෙන් කටයුතු කිරීමට නොහැකි නිලධාරීන් තමන්ට අවශ්‍ය නොවන බවද පැවසීය.
දින තුනක් තුළ සේවය ලබා ගැනීමට පැමිණෙන අය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස අර්ජුන රණතුංග මහතා බලධාරීන්ට දැනුම් දුන් අතර නිලධාරීන් නිසියාකාරයෙන් කටයුතු නොකිරීමෙන් ජනතාව රජයට දොස් පවරන බවද කීය.
ගම්පහ තිලකරත්න දිසානායක



popular news
-
dayan Monday, 27 May 2019 03:44 PM
රජයේ කාර්යාලවල මහජනයාට සැලකිල්ල ඉතාම පහත්. කොලබින් පිට පළාත්වල එය තවත් පහලය්.
Reply : 0 0
චමින්ද Monday, 27 May 2019 07:13 PM
ජාතික ප්‍රවාහන ආයතනහැම තැනම ඔහොම තමයි.පිට පළාත්වලට ගොස් බලන්න බැරිනම් නුගේගොඩ මධ්‍යස්ථානයට ගොස් බලන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

