දෙමටගොඩ ශිලරතන පටුමග ආරාම පාර ප්‍රදේශයේදි රුපියල් හය ලක්ෂ පනස් දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසය පවසයි.
එම සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විසිහයයි මිලිග්‍රෑම් තුන්සිය පහක් හා ජංගම දුරකථනයක් පොලීසිය භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි පොලිස් පරික්ෂක ආර්.එම්. ඒ රරාජනායක මහතා ඇතුළු නිලධාරියා වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු දෙමටගොඩ පොලීසිය වෙත භාර දි දුන් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන්
