රාගම පොලිස් වසමේ ඉහලගම ප්‍රදේශයේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 14 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කොලොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 23 හා 26 වයස්වල පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.