අයාලේ යන සුනඛයන් පාලනය කිරීම සඳහා පවතින නීති රීති සංශෝධනය කර හෝ නැතිනම් නව නීති රීති ගෙනවිත් නිශ්චිත වැඩපිළිවෙළක් ගෙනඒමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ (22දා) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
අයාලේ යන සුනඛයන්ගෙන් 70%ක පමණ ප්‍රමාණයක් අඩු ආදායම්ලාභී පවුල් වල ඇති කරන සුනඛයන් බවට සිදු කළ අධ්‍යනයකින් අනාවරණය වී තිබෙන බව එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි - අයාලේ යන සුනඛගහනය පාලනය කිරීම සඳහා විකල්ප උපායමාර්ග හඳුනා ගැනීම, අපද්‍රව්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා ප්රගතිශීලී ක්‍රියාමාර්ග ගැනීම , වගකිවයුතු සුරතල් සතුන් හිමිකාරීත්වය සහ සුරතල් සතුන් ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම. මෙහි මූලික සැලසුම් අතරට සුරතල් සතුන් නියාමන රාමුව සංවර්ධනය කිරීම, ජාතික සුරතල් සතුන් දත්ත සමුදායක් ස්ථාපිත කිරීම සහ ජලභීතිකා එන්නත් වාර්තා ඒකාබද්ධ කිරීම සිදු කරනවා.
නිවාසවල ඇති කරන සුනඛයන් හා සුනඛ පැටවුන් මහාමාර්ග හා පොදු ස්ථානවලට ගෙනවිත් දැමීම වැළැක්වීම සඳහා පියවර ගන්නවා. ජාතික සුනඛ වන්ද්‍යා කරණ වැඩසටහනට නිවාසවල ඇති කරන සුනඛයන් අදාළ කර ගැනීම, වගකිවයුතු සුරතල් සතුන් හිමිකාරීත්වය ප්‍රවර්ධනය කිරීම, පාසල් විෂය මාලාවට සත්වයන් නිසා සිදුවන අනතුරු වැළැක්වීම, සුරතල් සතුන් හිමිකාරීත්වය සහ සතුන්ට මානසිකව සැලකීම යන මාතෘකා ඇතුළත් කිරීම, සත්ව සුබසාධන සංවිධාන සමග සහයෝගීතාවෙන් ක්‍රියා කිරීම,සුරතල් සතුන් ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම සිදු කරනවා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම - ඉතිහාසය පුරා විවිධාකාරයෙන් මේ පාරවල්වල අයාලේ යන සුනඛයන් ගහනය අඩු කරන්න සත්තු මරලා තියෙනවා. වන්ද්‍යාකරණය කරලා තිබෙනවා. 2025 අවුරුද්දේ මේ එක කාරණයක්වක් හෝ සිදු නොවුණු නිසා අද වන විට මේක බරපතළ ව්‍යසනයක් බවට පත්වෙලා තිබෙනවා. මේක ඉක්මනින් කරන්න කෙටි කාලීන වැඩපිළිවෙළක් තියෙනවාද ?
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි - සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් අපේ ප්‍රමුඛම කාර්යය වෙන්නේ සුනඛයන් නිසා ඇතිව ජලභීතිකා රෝගය පාලනය කිරීම. ජලභීතිකාව නිසා සිදුවන මරණ අවුරුද්දකට 20-30ක් පමණ ප්‍රමාණයක් තිබෙනවා. ඒක අවුරුදු 20කට කලින් ගත්තම 300ක පමණ ප්‍රමාණයක්. නමුත් අපේ මට්ටමේ සිටිය තායිලන්තය වගේ රටවල් ගත්තම ඔවුන් අවුරුද්දකට 1-2 දක්වා අඩු කරලා තියෙනවා. ලතින් ඇමරිකානු රටවල් බින්දුව දක්වා ඇවිල්ලා තිබෙනවා.
ඔවුන් මේ ඉලක්ක කරා ළඟා වෙලා තිබෙන්නේ විශේෂයෙන්ම සත්ව ගහනය පාලනය කිරීම සහ නිවැරදි එන්නත් කරන ක්‍රියාවලියක් සිදු කිරීමෙන්. ඒ නිසා අපේ අර එන්නත් කරණ ක්‍රියාවලිය විධිමත් කර ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා. ඒ වගේම අපි වියදම් කරන මුදල බැලුවම ඉතාමත්ම ලොකු මුදලක් අයාලේ යන සුනඛයන් සහ සුනඛයන් ඇති කිරීම සඳහා වෙන් කරලා තිබෙනවා.
මිනිසුන් සපා කෑම නිසා බෙහෙත්වලට අපි රු.මිලියන 280ක් අවුරුද්දකට වියදම් කරනවා. ඒ වගේම සත්තුන්ට එන්නත් කරන්න රු.මිලියන 180ක් වියදම් කරනවා. ඒ වගේම සතුන් වන්ද්‍යාකරණය කිරීමට රු.මිලියක 200ක් වියදම් කරනවා. ඒ අනුව සෞඛ්‍ය අංශයේ අනෙකුත් වියදම් එක්ක රු.මිලිය 800ක් පමණ වියදම් කරනවා. මේ වැඩසටහන නැවත සමාලෝචනය කරලා අඩුපාඩු සකසාගෙන ඉදිරියට යාම අවශ්‍ය වෙනවා.
වන්ද්‍යාකරණ වැඩසටහනට රු.මිලියන 200ක් වියදම් කළත් ප්‍රතිඵල තියෙනවාද කියන ප්රශ්නය තියෙනවා. එහෙම තියෙනවා නම් මේ විදියට සත්තුන් සෑම තැනකම ඉන්න විදියක් නෑ. පාර්ලිමේන්තු භූමියටත් අයාගේ යන සුනඛයන් ඇවිත් තිබෙනවා. චෙක් කරලා ගත්තට කවුරුහරි බලුපැටව් මෙහෙට ගෙනත් තිබෙනවා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම - අධ්‍යයනවලින් ඉදිරිපත්ව තිබෙන කරුණු අනුව මේ මාර්ගවලට එන අයාලේ යන සුනඛයන් ගහනයට ප්‍රධාන වශයෙන් දායක වෙලා තිබෙන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල ඇති කරන සුනඛයන් කුඩා කාලයක් ඇති කරලා එක්තරා අවස්ථාවකදී ලෙඩ හැදුණම, පෝෂණය කරන්න බැරි වුණාම මාර්ග වලට මුදා හැරීම.
මේක වෙන්නේ නීතිමය ආවරණයක් නැති නිසා. අධ්‍යයනයෙන් පෙන්නුම් කරලා තියෙනවා 70%ක වගේ ප්‍රමාණයක් අඩු ආදායම් ලාභී පවුල් වල ඇති කරන සුනඛයන් නිසා තමයි මේ ගහනය පාරවල්වල වැඩි වෙලා තියෙන්නේ කියලා. අලුතින් පළාත් පාලන ආයතන හරහා සුනඛයන් ලියාපදිංචි කරණය හෝ නැතිනම් වෙනත් නීතිමය රාමුවක් සකස් කරන්න කරන්න පුළුවන්ද ?
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි -දැනට අපි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයත්, කෘෂිකර්ම හා පශුසම්පත් අමාත්‍යාංශයත් , ඒ වගේම මේකට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන රැස්වීම් දෙක තුනක් මේ අවුරුද්දේ පැවැත්වුවා. අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා සුනඛයන් පාලනය කිරීම සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙළක් සැකසීම සහ ඒවාට අදාළව නීති රීති සංශෝධනය කිරීම හෝ නව නීති රීති ඉදිරිපත් කිරීමට තිබේ නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට. ඒක නිසා බොහෝ මෑතකදී ඒ තීරණය ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.