අයහපත් කාලගුණ තත්ත්වය නිසා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට බාධාවක් ඇතිවුවහොත් එය විසඳා ගැනීමට සහය ලබාදෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අනුව හෙට (02දා) දින සිට 12 වන දිනය දක්වා කාලය තුළ එවැනි ගැටලුවක් ඇතිවූවහොත් 117 දුරකථන අංකයට හෝ 0773957903 මගින් හදිසි මෙහෙයුම් අධ්‍යක්ෂකට හෝ 0773957989 දුරකථන අංකය මගින් පෙරසූදානම් අධ්‍යක්ෂකට හෝ 0772320530 මගින් පූර්ව දැනුම්දීම් නියෝජ්‍ය අධ්‍යක්ෂකට හෝ දැනුම් දෙන ලෙස එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මීට අමතරව 0702117117 හෝ 0113668032 මගින් ජාතික හදිසි මෙහෙයුම් ඒකකයටත් දැනුම් දිය හැකි බවද ඔහු පවසා සිටියේය.
