අයවැය පරාජය කිරීමට විශ්වාසභංගයක් ආවොත් සහාය දෙනවා - JVP
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අයවැය පරාජයට පත්කිරීමට හා විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් එයට සහාය පළකිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මීට අමතරව සිදුව තිබෙන දේශපාලන කුමන්ත්‍රණය පරාජයට පත්කිරීමට පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදීත් ක්‍රියාමාර්ග ගන්නා බවද අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
කථානායකවරයා විසින් මේ වන විට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙන බවත්, මෙය ඉතා ප්‍රබල තීරණයක් වන අතර, එවැනි තීරණයක් ගැනීම පිළිබඳ කථානායකවරයාට ස්තුති වන බවත් හෙතෙම පවසා සිටියේය.

popular news
-
සෙනෙවි Monday, 05 November 2018 08:13 PM
රතු අලි බව සනාථයි !
Reply : 10 0
Champa Monday, 05 November 2018 08:29 PM
මිනිස්සුන්ට බොරු අදහසක් දීල තියෙනවා අයවැය පරාද වුනහම පර්ලිමන්තුව විසිරුවල චන්දෙකට යන්න පුළුවන් කියලා. ඒ කතාව වැරදියි. UPFA එකත් පැනලා චන්දෙ දීල සම්මත කරගත්ත 19 වෙනි ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් අවස්ථා දෙකයි. 1. අවුරුදු 4 1/2 කට පස්සේ. 2. පාර්ලිමේන්තුව විසුරු වන්න කියලා ජනාධිපතිගෙන් කරන ඉල්ලීමක් Motion එකක් විදිහට ඉදිරපත් කරලා 2/3න් සම්මත කර ගැනීමෙන්.
Reply : 0 15
Priyantha Monday, 05 November 2018 09:03 PM
දැන්නම් ගෙම්බන්ගේ ඉහමොල දනව ඇති.
Reply : 0 15
Tikiribanda Tuesday, 06 November 2018 09:18 AM
අනුර කුමාර JVP එක රනිල්ගේ සටම්බියගේ වැඩේට යොමු කරලා !
Reply : 11 0
Champa Tuesday, 06 November 2018 07:51 PM
දැන් අනුරගෙයි රනිල්ගෙයි මහින්දගෙයි මෛත්‍රීගෙයි කිසි වෙනසක් නැහැ. මහින්දත් TNA එකේ උදව් ඉල්ලුව. සම්පන්තන් බැහැ කිව්වා කෙලින්ම. ලැජ්ජයි. කරුණා අම්මාන් කියනවා "Diaspora" එකේ සහයෝගයෙන් මහින්දට TNA සහය අරන් දෙන්න ලොකු උත්සහයක් ගන්නවලු. Diaspora එක කියන්නේ කවුද LTTE මිසක්. නාමල් කියනව මහින්ද හිරේ ඉන්න දරුණු ගනයේ LTTE කාරයොත් නිදහස් කරන්න යනවලු. JO එකේ U turn එක අදහගන්නත් බැහැ. මහින්ද මේ පටන් ගන්න යන්නේ රනිල් නවත්තපු තැනින්. ඇත්තම කිව්වොත් රනිල් හොඳයි තව. රනිල් මෙහෙමයි කියලා හැමෝම දන්නවා. මේවා රනිල් කරනකොට රට ජාතිය පාවල දෙනවා කියලා කෑ මොර දීපු දේශප්‍රේමියෝ, වියත්තු, එලිය, යුතුකම, පැවිදි හඬ මේ හැමෝම මහින්දම ඒ දේවල් කරන කොට විරුද්ධව කතා කරන්න බයේ ගුලි ගැහිලා බලා ඉන්නවා. යන්තම් බලය ලැබිල මෙහෙම නම් හොඳටම ලැබුනොත් කොහොමද? මේ ගොල්ලෝ වැඩිදුර යන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

