අමාත්‍යවරුන්ගේ පහසුකම් හි සීමා දක්වන නව චක්‍රලේඛයක්
අමාත්‍යවරුන්ගේ, කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල හා අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් ඇති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය වර්තමානයට ගැලපෙන සේ සකස් කර තිබේ.
මෙම නව චක්‍රලේඛයට අමාත්‍ය මණ්ඩලය ඊයේ (04දා) අනුමැතිය දී තිබේ. අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය හා අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු සීමා දක්වමින් ජනපති ලේකම් විසින් 2010 වර්ෂයේදී ප්‍රථමවරට මෙම චක්‍ර ලේඛය නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛයේ කරුණු සැලකිල්ලට ගනිමින්, වර්තමානයට ගැලපෙන සේ උචිත සංශෝධන හා නව කරුණුද ඇතුළත් කොට නව චක්‍රලේඛය සකස් කර තිබේ.

popular news
-
Dayan Wednesday, 04 September 2019 11:10 AM
කොහොම උනත් හොඳටම බෙදාගෙන ඇති. මහජන සේවයට එන අයට මහජනයා දුකසේ ගෙවන හා සුරකමින් අයකරන වක්‍ර බදුවලින් සුර සැප විදීමට එම අය බොහෝ පින් කර ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

