අමාත්‍ය තනතුරු භාරගැනීම පිළිබඳව මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු බොහොම දෙනෙක් කරන ලද ඉල්ලීම ගැන අවධානය යොමුකර ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස ලබන අඟහරුවාදා විශේෂ සාකච්ඡාවක් කර තීරණයක් ගන්නා බව හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවැසීය.
ඊයේ (15දා) මහනුවරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඇතිවූ යම් යම් තත්ත්වයන් මත ආණ්ඩුවේ තනතුරු දැරූ මුස්ලිම් ආමාත්‍යවරු පිරිස එම තනතුරුවලින් ඉවත්වීමට තීරණය කළ බවත් එය එවකට රටේ තිබූ තත්ත්වය අනුව රට ගැන සිතා ගත් තීරණයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
හේරත් ඒකනායක
