අම්බලන්තොට හර්තාල්
පසුගිය දිනයන්හි ආන්දෝලනයකට තුඩු දුන් මෙරටට පිටුවහල් කර සිටින පාකිස්ථාන ජාතිකයින් පිරිසක් අම්බලන්තොට රුහුණු රිදීයගම රජයේ පුනරුත්තාපන නිවර්තන රැඳවුම් කඳවුරට යොමු කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීමක් ලෙස අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා කලු කොඩි ඔසවා අද (8) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි .
මෙහිදී අම්බලන්තොට නගරයේ ජනතාව පැවසුවේ මෙතෙක් ඉතා සහජීවනයෙන් නගරයේ සිටි අතර කිසිදු ජාතිභේද ඇවිස්සීම් සිදු නොවී ඉතා සාමකාමී ලෙස ජීවත් වූ නගරයක් බවත් මෙම මුස්ලිම් පාකිස්ථාන සරණාගතයින් අම්බලන්තොට රිදියගම නිවර්තන කඳවුරට ගෙන ඒමෙන් රිදීයගම ගම් ඇතුළු නගරයට යම් බලපෑම් කෙදිනක හෝ එල්ල වීමේ බලපෑමක් ඇති වන හෙයින් මෙම කඳවුරට ඔවුන් ගෙන ඒම නතර කිරීමට පියවර ගන්නා ලෙසයි .
එමෙන්ම මෙම සරණාගතයින් පිරිස මෙම ප්‍රදේශයට ගෙන එම තුළින් යම් මහජන කැලඹිමක් ඇති වුවහොත් එහි වගකීම රජය ගත යුතු බව පවසමින් රිදියගම ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා කීප නමක් මෙන්ම ප්‍රදේශවාසින් පිරිසක් එක්ව අම්බලන්තොට පොලීසියේ පැමිණිල්ලක්ද දමා තිබේ .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අම්බලන්තොට වෙළඳ සංගමයේ අනුශාසක අසේල හා බෞද්ධ සංගමයේ සභාපති කුමාරසිංහ මහතා කියා සිටියේ මේ වන තෙක් සියලු ජාතීන් එක්ව ජිවත්වන අම්බලන්තොට නගරයේ තිබෙන සාමය මේ තුළින් ඉදිරියේදී බිදී යාමට කාරණයක් විය හැකි බැවින් මෙම ක්‍රියාව වහා අත්හිටුවන ලෙස ප්‍රදේශයේ සියලු ජනතාව වෙනුවෙන් තමන් ඉල්ලා සිටින බවයි .
හම්බන්තොට - රාහුල් සමන්ත

popular news
-
ranjith Wednesday, 08 May 2019 02:27 PM
මුන් මොකටද අ රටෙන් ලංකාවට පිටුවහල්කරේ අපේ මොන මෝඩයෙක්ද මුන්බාරගන්න අනුමෙතිය දුන්නේ
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

