අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න එපා - මන්ත්‍රී ඉෂාක්
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වැදීමට ළමුන්ට පුරුදු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවැසීය.
අනුරාධපුර මහඉලුප්පල්ලම මහා විදුහලේ පැවැති ත්‍යාග ප්‍රධානය කිරිමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න පුරුදු කරන්න එපා. විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට වදින්න පුරුදු කළාට කමක් නෑ. අපි වගේ එවුන්ට ළමයින්ට හිස නමන්න දෙන්න එපා.
අද පාර්ලිමේන්තුව ගියත් මට කනගාටුයි. ආණ්ඩුවේ අය විපක්ෂයේ අයට පට්ට හොරු , කම්බ හොරු කියනවා, මේ වගේ දරුවෝ තමයි ලොකු වෙලා මේවායේ තනතුරු වලට යන්නේනේ. ඒ නිසා ඔබලාගේ දරුවෝ හොඳට හදන්න. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
තිසර සමල්

popular news
-
Champa Friday, 22 February 2019 07:02 PM
"අපි හොරු" බව දන්නවා නම් පාර්ලිමේන්තු නාවිල්ලම හිටිය නම් ලංකාවේ දරුවෝ ටික හොඳට හදා ගන්න තිබ්බ. සිංහල සංස්කෘතිය අනුව පාසල් වල උත්සව වලට එන ප්‍රධාන අමුත්තාට වැඩිහිටියෙක් විදිහට සලකල දරුවන් වඳිනවා. පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු කියල සිංහල සිරිත් විරිත් ඇත අරින්නේ මොකොටද? ඊට වඩා ලේසියි තමන් හොරු බව දන්නා මිනිස්සු පාර්ලිමේන්තු නොයාමෙන් වැලකි සිටීමෙන් සහ එහෙම නැත්නම් විදුහල්පතිවරුන් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ට උත්සව වලට ආරාධනා කිරීමෙන් වැලකී සිටීමෙන්. පළාතේ දේශපාලකයාට ආරාධනා නොකර උත්සවයක් කලොත් පහුවෙනිදට විදුහල්පති මාරු කරනවා. ආරාධනා කරහම ඇවිල්ල වල් පල් කියවල ළදරු මනස අවුල් කරනවා. පාසලකට ආවහම කතා කරන්න ඕනේ දේ ගැන වෙනම පන්තියක් දාන්න වෙනවා දේශපාලකයන්ට. ජනාධිපතිගේ පටන් පහලට හැමෝම දේශපාලකයෝ එකයි මේ වගේ වෙලාවට.
Reply : 9 18
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

