අපේ කාලේ නම් මේ රටට කුණු ගෙනාවේ නෑ
"අපේ රජය කාලේ මෙරටට කුණු ගේන්න අවසර දුන්නා කිය කියා මේ ආණ්ඩුවේ රට වටේ දැන් ඇවිදිනවා වෙච්ච වැරදි වහගන්න බැරිව. මම දන්නේ නැහැ අපේ කාලේ නම් මේ රටට කුණු ගෙනාවේ නෑ. මේ ආණ්ඩුව බලයට පත් වුණාම තමයි මේ කුණු ගේන්න පටන් අරන් තියෙන්නේ. මට කියන්න තියෙන්නේ කුණු ආණ්ඩුවක් ආවම කුණු ගේන එක සාමාන්‍ය දෙයක්. ඒක අමුතු දෙයක් නෙමෙයි" යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හම්බන්තොට ඉදිකෙරුණු නව දිස්ත්‍රික් රෝහලේ ඊයේ (27) රාත්‍රියේ පැවති පිරිත් පින්කමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
"මේ ආණ්ඩුවේ අය අද වෙච්ච වැරදි වහගන්න හිටපු ආණ්ඩුවලට දොස් කියනවා. මේ අය කියන්නේ අපේ ආණ්ඩුකාලේ ගැසට් එකකින් මේ රටට කුණු ගේන්න අවසර දුන්නා කියලයි. මේක පට්ටපල් බොරු කතාවක්. අපේ කාලේ ගැසට් එකකින් මේක මේක වෙලා තියෙන්නේ කිව්වට අපේ කාලේ කිසිදු ගැටලුවක් වුණේ නෑ.
අනික තමයි අපේ කාලේ ගේන සැම දෙයක් පිළිබඳවම හොදට පරීක්ෂා කරලා බලලා නියාමනයක් ඇතිවයි සියලු දේ එළියට දැම්මේ. ඉතින් ඒ නිසා ඒ කාලේ කිසිදු ගැටලුවක් තිබුණේ නෑ. දැන් මේ ආණ්ඩුව ආවම තමයි මේ කුණු ගේන්න පටන් අරන් තියෙන්නේ. මේ අය ගෙනල්ලා අපිට ඇඟිල්ල දිගු කරලා හරියන්නේ නෑ."

popular news
-
kithsiri siriwardana Monday, 29 July 2019 04:22 AM
"අපේ රජය කාලේ මෙරටට කුණු ගේන්න අවසර දුන්නා" ගැසට් ගහල නැහැ කියන්න බැහැ.අනික මාධ්‍ය මර්ධනය, ගිනිතැබීම්,මද්යකරුවන් මරල එක්කෝ හගවලා,තොරතුරු දැනගැනීමේ පනත අක්‍රිය කරලා කොහොමද කුණු කොන්න්ටෙනර් බානවද බැව්වද කියල දැනගන්නේ.දැන් එහෙම නැති නිසා සේරම දැනගන්න පුළුවන්.දැන් මහා බබා වෙන්න හදනවා.මේවා ඒකාලේ පත්තරේට දානවාට මද්යකරුවන්ට ජරාව දුන්න කොම්පියුටර් ,වාහන,පා පැදි වශයෙන් අනේ ඔහේගේ රජ කලේ වෙච්ච දේවල් .මහජනවා බොලද නැහැ.පව්....
Reply : 0 5
sarath Monday, 29 July 2019 06:38 AM
ඔබගේ කාලේ කුණු ගෙනෙන ගසට්ටුව නිකුත්කලා කියල වක්‍රව කියවිලා තියෙන්නවා නේද ? මේ කාලේ ප්‍රකාශ කරනකොට පරිස්සම් වෙන්න ඕන මොකද අද වෙනකොට මුළු දේශපාලන නායකයින්ම රටට ජනතාවට එපාවෙලා ඉන්නේ. මෙහි ප්‍රතිපලය ඉදිරියේදී තේරේවි. කුණු ගෙන්නන එක වගේම කරපු සහ කරන කුණු වැඩ ජනතාව හොඳට දන්නවා .
Reply : 0 4
shan Monday, 29 July 2019 11:05 AM
"අපේ රජය කාලේ මෙරටට කුණු ගේන්න අවසර දුන්නා" ගැසට් ගහල ඒක කිරත්මක වෙන්න කලින් මට යන්න උනා ඒක නිසා මගේ කලේ කුණු ගෙන්න බැරි උනා නමුත් ඒ මම ගහපු ගැසට් එකෙන් කිසිම පරීක්ෂාවක් නොකරම කුණු රටට ගෙන්න බලය ලැබුණා රටේ අවාසනාවට මගේ වාසියට මම එහෙම කලා හාමුදුරුවනේ
Reply : 0 0
Nandana Monday, 29 July 2019 03:16 PM
නිකන් පච කෙලින්න එපා හලෝ .බොරුවට රසකතා කියල මිනිස්සුන්ව රවට්ටන්න දැන් ටිකක් අමාරු වැඩක් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

