අපේ ඉලක්කය මීට අවුරුදු 1000කට පෙර සිටි තැනට යෑමයි
බටහිට රවටල්වලට ඇති ඉලක්කය මෙතෙක් නොතිබූ අලුත් තැනකට යෑම වුවත් ශ්‍රී ලංකාවට තිබෙන ඉලක්ක වන්නේ මීට අහවුරුදු 1000කට පෙර සිටි තැනට යෑම බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඊයේ (09දා) කොළඹදී පැවැති උත්වසයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“අපිට ජාතියක් විදියට මුහුණදීමට තිබෙන්නේ ලෝකයේ ඇතැම් අධිතාක්ෂණයෙන් දියුණු රටවල් මුහුණදෙන ඉලක්කයට වඩා වෙනස් දෙයකට. බටහිර රටවලට ඇමෙරිකාව හා යුරෝපයේ රටවලට තිබෙනනේ මෙතෙක් ඉතිහාසයේ ගොඩනැගී නොතිබූ අලුත් තැනකට යෑමයි.
අපිට තිබෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අපිට තිබෙන්නේ අලුත් තැනකට යෑම පිළිබඳව ඉලක්කය නොවේ. අපට තිබෙන්නේ මීට අවුරුදු දාහකට එහා අපි හිටපු තැනට යන්නේ කොහොමද කියන කාරණාවයි.
මීට අවුරුදු දාහකට එහා ගත්විට අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ අපි සිටින තැන එදා බටහිර රටවල් සිටියාද? ඇමෙරිකාව සිටියද ඒ තැන. එදා ඒවා මහා වනාන්තර. සත්‍යය එයයි.” යැයි පැවසීය.

popular news
-
Missaka Friday, 10 August 2018 12:41 PM
කියන්ට දෙයක් නැහැ දැනටමත් අපි අවුරුදු 1000කට නෙමයි 5000 කට එහාට ගිහින් තියෙන්නේ, යහපාලනය යටතේ.
Reply : 0 0
Mohi Friday, 10 August 2018 04:06 PM
Even now as an undeveloped nation we are 500 years behind them another 500 years to go yes we can achieve the target if we keep on going like this
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

