අපේක්ෂකයෝ 33කට ඇපත් නැති වෙති
මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වීමට ඇප තැනැපත් කළ අපේක්ෂකයන් 35 අතරින් අපේක්ෂකයන් 33 දෙනෙකුටම ඇප මුදල් අහිමි වී තිබේ.
ජනපතිවරණයට ඇප තැන්පත් කළ අපේක්ෂකයන් අතරින් ජනපති ගෝඨාභය රාපක්ෂ මහතාත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂ සජිත් ප්‍රේමදාස මහතාත් පමණක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 5%කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට සමත්විය.
සෙසු කිසිම අපේක්ෂකයෙකුටවත් වලංගු සංඛ්‍යාවෙන් 5%ක් ලබාගැනිමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ඇප මුදල් අහිමි වී තිබේ.
පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 50000ක ඇප මුදලක් හා ස්වාධීන අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 75000ක ඇප මුදලක් තැන්පත් කිරීම සිදුවිය.
popular news
-
චමින්ද Wednesday, 20 November 2019 06:15 AM
මේ තිස්තුන්දෙනා නිසා ජනතාවගේ මුදල් කොපමන නාස්තිවුනාද.කෝටි 400 කින් කරන්න පුළුවන්ව තිබුනදේට කෝටි 700 කට වැඩි වියදමක් ගියා.ඇප මුදලින් ලැබෙන්නේ ලක්ෂ 20 කට අඩු මුදලක්.මෙනිසා ඉදිරියේදීවත් මෙවැනි නාස්තිකිරීම් වැලැක්වීමට නව ජනපතිතුමාවත් කටයුතු කරාවියැයි සිතමි.ඒ අතරම මෙලෙස දෙවරකට වැඩිවාර ගණනක් ඇප රාජසන්තක වූ අයෙකුට නැවත ඉල්ලීමටවත් ඉඩ නොදිය යුතුය.
Reply : 0 0
සුරන්ජිත් Wednesday, 20 November 2019 08:05 AM
එතකොට අනුර කුමාර මහතාගේ ඇපයත් රාජ සන්තක උනාද? එහෙනම් ඔහු තවදුරත් ජනතා විමුක්ති පෙරමුණ බදාගන සිටීමෙන් තේරුමක් නැහැ. කරුණාකර වෙනත් අයෙකුට බාර දෙන්න. ඔබ වන්චනිකියෙකු ලෙස චන්ද දායකයන්ගේ සිතනවා වගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

