අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ දරුවා ඇඳෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත් වූවාද, වැටෙන කොට අල්ල ගත්තාද කියන කාරණාව හරියටම කියන්න වෙන්නේ එම දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් බවත්, මේ වන විට සිදු කළ සොයා බැලීමේදී රෝහල් කාර්ය මණ්ඩලය අපරික්ෂාකාරීව කටයුතු කර නොමැති බව අනාවරණය වූ බව අනුරාධපුර ශික්ෂණ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූතිකා ගාරයක දී ඇඳෙන් බිමට වැටී දරුවෙකු ජීවිතක්ෂයට පත්වීමෙි සිද්ධියක් සම්බන්ධයෙන් එම දරුවාගේ දෙමව්පියන් මාධ්‍යයට සිදු කල ප්‍රකාශයකට පිළිතුරු දක්වමින් අද (14 දා) අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති මාධ්‍ය හමුවකදී රෝහල් අධ්යක්ෂවරයා ඒ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා මෙසේ
ද පැවසීය.
"දැඩි ලෙස කතා බහට ලක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ දරුවා ප්‍රසූත වූ අවස්ථාව සිදු වෙලා තියෙන්නේ පසුගිය 10දා උදෑසන 6. 59 ට තමා දැඩි සත්කාර ඒකකයේ ඉදලා ජීවිතක්ෂයට පත්වුණේ 14දා, එදින තමයි මේ සිද්ධිය මට වාර්තා වුණේ. මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී පෙනුණු කාරණය තමයි රෝහල් කාර්ය මණ්ඩලය මේ අවස්ථාවේදී නිසි ලෙස කටයුතු කර තිබෙනවා, ඔවුන් අතින් කිසිදු නොසැලකිලිමත්කම වෙලා නොමැති බව.
මෙය ඉතා විරල වශයෙන් සිදු වන අවස්ථාවක් සහ අවාසනාවන්තව සිදු වුන දරු ප්‍රසූතියක් හැටියට තමයි කරුණු සොයා බැලීමේදී පෙනෙන්නට තිබුණේ , සාමාන්‍ය දරු ප්රසුතියකදි මවක් ප්‍රසූතිකාගාරයට දාලා විනාඩි විස්සක්වත් යනවා දරුවා එළියට එන්න, හිස කොටස, කද ප්‍රදේශය සහ කකුල් වශයෙන් කොටස් එළියට එන්නේ, එය ඉතාම දුෂ්කර ක්‍රියාවක් යම් කාලයක් ගත වෙනවා.
නමුත් සමහර අවස්ථා තියනවා, එක වරම දරුවා එළියට එන අවස්ථා, මෙම දරුවන් ප්‍රසූත වෙන අවස්ථාව අපිට කියන්න බැහැ. හදිසියේ බලාපොරොත්තු නැති අවස්ථාවක එහෙම ප්‍රසූත වෙන කොට සමහර වෙලාවට එම දරුවා අල්ල ගන්න යන කොට යම් දුෂ්කරතා මතු වෙන්න පුළුවන් මෙයත් එවැනි අවස්ථාවක්,
මෙම සිද්ධියට මුහුණ පෑ මව දරු ප්‍රසූතිය සඳහා වෙනත් රෝහලකට ගිහිල්ලා එතනින්, මාරු කරලා තමයි අනුරාධපුර රෝහලට එවලා තිබෙන්නේ, අදාල දිනයේදී ඇතුළු කරන්න තිබුණු මහාචාර්ය ඒකකයේ ප්‍රසූතිකාගාරයට යන්න බැරි නිසා ළඟම තියෙන සූතිකාගාරයට හර වල යවලා තියෙනවා. ඒ යවන කොට මේ දරුවා ප්‍රසූත වෙන්න තිබුණු කාලයට වඩා අඩු කාලයකින් තමයි ප්‍රසූතිය ආරම්භ වෙලා තියෙන්නේ. සති 32ක් වගේ කාලයකදී තමයි, අඩු බර දරුවෙක් හැටියට තමයි මෙම දරු උපත සටහන් වෙන්නේ.
එම අවස්ථාවේදී එතැන හිටපු පවුල් සෞඛ්‍ය නිලධාරීන් සහ හෙද කාර්ය මණ්ඩලය ප්‍රසුතිය සිදු කරන්න හදන කොට තමයි ඔලුව හිර වෙලා තිබිලා ගර්භාෂ තිබුණු පීඩනයත් සමග එකවර ඔළුව නිදහස් වෙලා , පෙකෙනි වැල දරුවාගේ සිට අඩියක පමණ දුරින් කැඩිලා ඇද දිගේ දරුවා රූටලා තියෙන්නේ.
ඒ වෙලාවේ දරුවා අල්ල ගන්න පරිශ්‍රමයක් දරලා තියෙනවා. නමුත් හරියටම කියන්න බැහැ සිදුවූ සිදුවීම මොකක්ද කියලා, වැටෙන්න යන කොට අල්ල ගත්තද? වැටුණද? කියන එක පශ්චාත් මරණ පරීක්ෂණයේදී තමයි අපට දැන ගන්න හම්බ වෙන්නේ කෙසේ වෙතත් දරුවා ප්‍රසූත වෙන කොට අධික තෙරපුමකින් නිදහස් වෙන කොට අධි පීඩනයක සිට අඩු පීඩනයට යන විට හිස තුළ තිබෙන වාහිනී කැඩිලා, රුධිර වහනය වීමක් සිදු වෙන්නත් පුළුවන්. නමුත් වැටීමකදිත් එහෙම සිද්ධ වෙන්න පුළුවන්.
මම මේක දකින්නේ බලාපොරොත්තු නොවූ අවස්ථාවක සිදු වෙච්ච අවාසනාවන්ත සිද්ධියක් හැටියටයි, නමුත් නොසැලකිල්ලක් හැටියට වෙච්ච දෙයක් හැටියට මට කියන්න බැහැ. කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මේ වෙලාවේ ප්‍රසූතිය සදහා කටයුතු කරලා තියෙනවා.
එකවර සිදුවන ප්‍රසූත අපිට කලින් හිතා ගන්න අමාරුයි. කොයි විදියටද සිද්ධ වෙන්නේ කියලා. සාමාන්‍ය ප්‍රසූතිය පැය කිහිපයක් යනවා සිද්ධ වෙන්න, ප්‍රසූතිය කියන දේ මේ තරම් ඉක්මනට ඒ සිද්ධ වෙනවා නම් ඒක අපිට ලොකු කාර්යයක් වෙන්නේ නැහැ. සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක දි තමයි මෙවැනි දරු ප්‍රසූත තත්ත්වයන් සිද්ධ වෙන්නේ. රෝහල් කාර්ය මණ්ඩලය බලාපොරොත්තු නොවන අවස්ථාවකදී මෙවැනි දරු ප්‍රසූත සිද්ධ වන විට යම් ගැටළු වලට මුහුණ දෙන්න සිදු වෙනවා.
සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියකදී එක් මවකට එක් පවුල් සෞඛ්‍යය නිලධාරිනියක් සහ පුහුණුව ලත් එක් හෙද නිලධාරිනියක් යොමු කරනවා මෙම මව හදිසියේ අසාධ්‍යව සිටි නිසා තුන් දෙනෙක් යොමු වෙලා තිබෙනවා මේ කටයුත්ත සිදු කරන්න.
මේ වෙනකන් රෝහල් අධ්යක්ෂවරයා හැටියට කිසිම පාර්ශවයකින් පැමිණිල්ලක් ඒ සම්බන්ධයෙන් ලැබිලා නැහැ."
