දැඩි නියං කාලගුණයක් සමඟ වැස්ස නොලැබී වැව් සිඳී යන මොහොතක, අනුරාධපුර නගරයට සහ පූජා නගරයට පානීය ජලය සැපයෙන නුවර වැව රක්ෂිතය තුල ඇති වසර ගණනාවක් පැරණි ගස් කපා දමා, වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් සිදු වන බව නුවර වැව අවට ප්‍රදේශවාසීහු පවසති.
අනුරාධපුර කීරියගස් හන්දියත්, ඉච්චන් කුලම මෙත් හිමි මාවතත් අතර මැද ඇති නුවර වැවේ මෙම රක්ෂිත කොටස කපා දැමූ විට පෞද්ගලික සංචාරක හෝටල් දෙකකට සහ සංචාරක නිවාඩු නිකේතනයකට, අනුරාධපුර පූජා නගරයේ ඇති රුවන්වැලිසෑය, මිරිසවැටිය, සඳහිරු සෑය, ජේතවනාරාමය සහ ථූපාරාම චෛත්‍ය මනාව දර්ශනය වන බවත් මෙම රක්ෂිත කොටස කපා දැමීම පිටුපස සංවිධානාත්මක පිරිසක් සිටින බවට ගම්වාසීහු සැක පහල කරති.
මේ වන විට නුවර වැවේ පෝෂිත ප්‍රදේශයේ ඇති වසර 70කට වැඩි විශාල ප්‍රමාණයේ වඳවී ගෙන යන තිබිරි ගසක, මුල ප්‍රදේශයට ගින්දර දමා මේ වන විට එම ගස බිම වට්ටා දමා ඇති බවත් ජාවාරම්කරුවන් දිනකට එක ගස බැගින් 'මයිල' ගස් කීපයක් යාන්ත්‍රික කියත් ආධාරයෙන් සූක්ෂම ලෙස මේ වන විටත් බිම හෙළා ඇති බවද ඔවුහු පවසති.
කූට ලේඛන හදමින් පසුගිය කාලය පුරාවට වැව රක්ෂිතයේ තුල ඉදි කෙරුණු සංචාරක හෝටල් වල ප්‍රතිඵලයක් ලෙස වෙනත් වසර වලට වඩා මේ වන විට සීඝ්රයෙන් වැවේ ජලය සීඝ්රයෙන් සිඳී යන බව එම වැසියෝ පැවසුහ.
මෙම වන විනශයට අදාළ ඡායාරූප ලබා ගැනීමට එම ස්ථානයට යන විටත් ඊට පැය කිහිපයකට පෙර ඉත්තෑවෙකු මරා, ඉත්තෑ කූරු එම ස්ථානයේ දමා මස් රැගෙන ගොස් තිබූ ආකාරයද, හිස් පොහොර බෑගයක් තුල ලේ පැල්ලම් විශාල ප්‍රමාණයක් ආකාරය මෙහිදී ගම්වාසීහු පෙන්වූහ.
අනුරාධපුර නගරයට, පූජා නගරයට පානීය ජලය ලබා ගන්නා, ප්‍රදේශවාසීන් බැතිමතුන් ඇතුළු දෙස් විදෙස් සංචාරකයන් රැසක් දිය නෑමට භාවිතා කරන අනුරාධපුර නුවර වැවට මේ සිදු කෙරෙමින් පවතින විනාශය සම්බන්ධයෙන් වග කිවයුතු අංශ වැඩි අවධානයක් යොමු කල යුතුව ඇතැයිද ගම් වාසීහු පෙන්වා දෙති.




