අපි ස්වාධින රාජ්‍යයක් වෙලත් අපිට ඕන හමුදාපති පත්කර ගන්න බෑ - නිමල්
අපි ස්වාධීන රාජ්‍යයක් වුවත් අපට ඕන හමුදාපති පත් කරන්න බැරිනම් ඒ ස්වාධීනත්වයෙන් ඇති පළේ කුමක්දැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රශ්න කළේය .
ඒ මහතා අද (25) ඇල්ල බල්ලකෙටුව රෝහල නේවාසික පහසුකම් සහිත රෝහලක් බවට පත් කරමින් ඉදිකළ ගොඩනැගිලි විවෘත කිරිමට එක්වෙමින් මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“දැන් බලන්නකෝ අපේ රටට වෙලා තියෙන දේ. අපිට ඕන හමුදාපතිවරයෙක් පත් කරගන්න බෑ. ඒත් ඉස්සර සිංහල රජවරුන්ගෙ කාලේ පටන්ම රජතුමා තීන්දු කරනවා මගේ සේනාධිනායකයා කවුද කියලා. එතකොට ඉන්දියාවේ සොලී රජ කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එයාව පත් කරන්න එපා වෙන කෙනෙක් දාන්න කියලා දානවද නෑ.
විදේශ රාජ්‍යයන්ට පුළුවන් අපිට උදවු කරන්න . නමුත් අනවශ්‍ය ලෙස අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහනවට කවුරුත් කැමති නෑ. මොකද අපිට යම් ප්‍රෞඩත්වයක් තියෙනවා රටක් වශයෙන්.
ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට නම්බුවක් ගෞරවයක් තියෙනවා අපි ඒ විදියට ධීන වෙන්න කැමති නැ .
ඇයි එහෙම වෙන්නේ. අපේ තියෙන බෙදීම නිසා, අපි දුර්වල වෙලා ඉන්න නිසා අපි ශක්තිමත් රාජ්‍යයක් නොවන නිසා. ඒ නිසා අපි සියලු දෙනාට එකතු වෙලා මේ රට දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් සංස්කෘතික වශයෙන් අපි ශක්තිමත් කරන්න අවශ්‍යයි . එහෙම කරොත් විතරයි අපිට ඉදිරියට යන්න පුළුවන්” යැයිද නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.
බදුල්ල - පාලිත ආරියවංශ

popular news
-
Appu Sunday, 25 August 2019 08:15 PM
ඉතින් අපි මොකද කරන්නේ මහත්තයෝ ?
Reply : 0 0
Kumar Sunday, 25 August 2019 10:26 PM
දැන් පත්කරලා ඉන්න හමුදාපති ඔයගොල්ලෝ කැමති කෙනෙක් නේද. ඔයගොල්ලන් කැමති හමුදාපතිට අනෙක් රටවල් කැමති වෙන්නම ඕනෙද. ඒ කවුරු නැතත් ඔයගොල්ලන්ට නයට සල්ලි දෙන චීනය කැමති නම් ඇතිනෙ.
Reply : 0 0
lion Monday, 26 August 2019 04:20 AM
එක ඕගොල්ලන්ගේ වරද .ඕගොල්ලෝ සැප ගත්ත .සැප වාහන ගත්ත මාලිගා වගේ .හැම කොතරත් එකෙන්ම අසීමිතව මුදල් හම්බ කල .මොනවද ඕගොල්ලෝ මේ රටට කලේ. රට බන්කොල්ත් උන ඕගොල්ල ක්ප්ටිපතියෝ උන.ඇමෙරිකාව උරෝපය අපේ බඩු ගත්තේ නැත්තම් අපිට කන්න ගෙනත් දෙන්නේ තමුන්ද .අපි හිගන්නෝ මස කීපයකට කන්න ගේන්නේ මුදල් පමණි අපේ මහා bandagaraye තියෙන්නේ. මිනුස්සු නොමග යවන්න එපා රට කෑව ඇති තොලොංචි වෙලා පලයල්ලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

