අපි දැන්වත් කුසලතාවයෙන් , නිපුණතාවයෙන් යුතු නව දේශපාලනයක් ගෙන ආ යුතුයි - පාඨලි
අපි දැන්වත් අධිෂ්ඨාන කර ගත යුතුයි පන්තිය වෙනුවට වැඩ කරන්න පුළුවන්, වෘත්තීය මට්ටමේ සිංහල, දෙමළ, මුස්ලිම් වේවා, ජාතිය වේවා, ආගම වේවා මේ එකක්වත් නොවේ රටට කුසලතාවයෙන්, නිපුණතාවයෙන් යුතු අලූත් දේශපාලන පන්තියක් ගෙන ඒමට බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික මඟ කුරුණෑගල මහ සමුළුව සහභාගි වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අද මේ රටේ ව්‍යාපාරික ක්ෂෙත්රයේ ඉහළම 10 දෙනා ගන්න. ඒ අයගේ අම්මා තාත්තලා කවුද කියලා අපි දන්නේ නැහැ. ඔවුන් දහ දෙනාම තමන්ගේ ස්ව ශක්තියෙන් ඉහළට ආපු අය.
පරිපාලන සේවයේ ඉහළම දහ දෙනා ගත්තත් ඔවුන්ගේ දෙමවුපියන්ගේ නම් විකුණලා ආපු අය නෙමෙයි. එම දහ දෙනාම කුසලතාවයෙන් ඉහළට ආපු අය.
ඉහළම වෛද්‍යවරු දහ දෙනා ගන්න, ඉහළම ඉංජිනේරුවෝ දහදෙනා ගන්න, ඉහළම නඩු කාරයෝ, නීතිඥයෝ, ආරක්ෂක අංශවල ඉහළම ඉන්න අය මේ හැමෝම කුසලතාවයෙන් ඉහළට ආපු අය. කී‍්‍රඩාවේ, කලාවේ එහෙමයි.
හැබැයි දේශපාලනයේ විතරක් කුසලතාවයට තැනැක් නැහැ. අපේ කලාපයේ සිංගප්පූරුව, ජපානය, චීනය මේ හැම රටක්ම ඉහළට ගිහින් තිබෙන්නේ දේශපාලනයට, කුසලතාවයට මුල්තැන දීමෙන්.
ඒ නිසා අතීතයේ සිටියා බලගතු සතෙක් ඩයිනෝසර් කියලා. අපේ රටෙත් හිටියා ගවරා කියලා සතෙක්. ගවරගිරිය, ගවරවිල මේ නොයෙක් නම් ඇතිවෙලා තිබෙන්නේ ගවරා නිසා. ගවරා වඳවුණා. මොකද සුද්දා ඇති කළ ඒ නවීකාරක වතු යායවල්වලට, ආර්ථික ක්‍රමයට ගවරා ගැලපුණේ නැහැ. ඒ නිසා ගවරා වඳවෙලා ගියා.
හැබැයි ලංකාවේ නිදහසට පෙර සිට හරියට ගත්තොත් දේශපාලනයේ මුල් පෙළේ ඉන්න ගවර පන්තිය වඳවෙලා නැහැ මිත්‍රවරුණි. ඒ ගවර පන්තිය තමයි ඉදිරියෙන්ම යන්නේ. ඒ අය ලේසියෙන් වඳවෙන්නෙත් නැහැ” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
kapila Tuesday, 18 June 2019 09:35 PM
උඹ දැන් ආණ්ඩු දෙකකම ඇමතිකම් දරුවා. ඉතින් මේ කතාව කියන්න තිබුනේ උඹ වැඩකරපු ලොක්කන්ටමනේ.
Reply : 0 0
ලසන්ත Wednesday, 19 June 2019 06:28 AM
ඔබතුමාගේ කථාව සියයට දෙසියයක් හරි.නමුත් මැතිතුමා මේරටේ දැනට තියෙන්නේ අධ්‍යාපන සහතිකයට. ශෝභනයට හා. කයිවාරුවට මුල්තැන මිස දක්ෂකමටවත් කුසලතාවයටවත් නොවේ.1994 පමණ වනතුරු පරිපාලන සේවයත් කුසලතාවයෙන් පිරිපුන් අයට ලැබුනත් එතැන්සිට විශේෂයෙන් 2005 න් පසුව සිදුවී අත්තේ කුමක්ද බලන්න.මේ තත්වය නැතිකල යුතුය.ඔබතුමාගේ දැක්ම අගයමි.ජයවේවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

