අපි ජනපති මන්දිරය වටලනවා - දඹර අමිල හිමි
ජනපති මන්දිරය වටලන බවත් පිට කොටුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවත් දඹර අමිල හිමියෝ පවසති. එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ගැසට් සිරිසේනට කියනවා. අපි මන්දිරය වටලනවා. ජනපති මන්දිරය වටලවා. අපි දෙන්නේ තව පැය කිහිපයයි. ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව තීරණය දුන්නා. අද ජනතාව තීන්දුව දුන්නා. මහ රජාව මැදමුලන ජනේලයේ එල්ලූ ආකාරයට පොලොන්නරුවේ සිරිසේන පොලොන්නරුවෙ වෙලේ සිටවනවා. ඩොලරය නගිනවා. ආධාර නැතිවෙලා. රජයේ සේවකයන් පඩි ගෙවන්න විදිහක් නැතිව ඉන්නවා. රට ඔසවා තබන්න දුන්නේ. අද පිස්සු කෙළිනවා. අප්පුවාට රජකම ලැබුණා වගේ කටයුතු කරනවා.
අපේ හයියෙන් ඔතනට ආවේ.එක මිටට තියලා තූත්තිකුඩියට පන්නමු, පර සක්කවල ගහමු. තව පැය කිහිපයයි දෙන්නේ පිට කොටුවේ මාරාන්තික සත්‍යග්‍රහයක් පවත්වනවා. පොළීමේ ඇවිත් මරණ හැටි පෙන්වනවා. අපි පටන් ගන්න සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා යනවා. ”

popular news
-
Hemapala Thursday, 15 November 2018 04:09 PM
අනේ මෙහෙම මෝඩයෝ ටිකක්, ලංකා ඉතිහාසයේ චන්දයක් එපා කියන පක්ෂයක් දැක්කේ මුල්වරටයි (70 ආණ්ඩුව ඇර).
Reply : 23 52
Prabath Thursday, 15 November 2018 04:13 PM
ඔය හාමුදුරුවෝ පුරා විද්‍යාවට පළමු පෙළ සාමාර්ථයක් තිබ්බ කුරුගල කියල බැචාට කපල ඔතන තනතුරු අරගෙන දැන් ලොක්කෝ වගේ කතා කරන්නේ. කොට කලිසමක් අන්දවල රෝසි ළඟ තිබ්බ නම් මාරු. මෙහෙම කිව්වට පව් සිද්ද වෙන්නේ නැහැ ඔහොම එවුන්ට.
Reply : 88 78
Champa Thursday, 15 November 2018 04:23 PM
අයියෝ මේ හාමුදුරුවෝ මොන නිකායේද? මේ වගේ හාමුදුරුවරු අදාළ නිකායෙන් අයින් කරලා සසුනෙනුත් ඉවත් කරන්න ඕනේ.
Reply : 41 84
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

