අපි කවුරු සමගවත් රහස් ගිවිසුම් ගහලා නෑ - අගමැති
කිසිම පාර්ශ්වයක් සමග රහස් ගිවිසුම් හෝ ප්‍රසිද්ධ ගිවිසුම් ගසා නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. යාපනයේ පැවැති ජනහමුවකදී ඔහු මේ බව පැවැසීය.
“දැන් තියෙන්නේ නිදහස් යාපනයක්. දැන් තියෙන්නේ මේ නිදහස ආරක්ෂා කරලා සංවර්ධනය ඉදිරියට ගෙනියනවද? නැත්නම් ඒක ආයේ අහෝසි කරනවද කියන එක.
බොහෝ ඉඩම් ආපසු දීලා තිබෙනවා. අතුරුදන් වූවහන් ගැන හොයනවා. යුද්ධයෙන් තුවාල ලැබූ අය ගැන අවධානය යොමුකරලා තිබෙනවා.
දීර්ඝ කාලීනව බන්ධනාගරවල සිටින සිරකරුවන්ට විසඳුම් ලබාදීමට කටයුතු කරනවා. මේ රටේ දේශපාලන ප්‍රශ්න විසඳන්න අපි සාකච්ඡා කළා. ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හරිනවා.
උතුරයි දකුණයි පිළිගන්න වැඩසටහන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. උතුරේ දේශපාලන පක්ෂත් මේක පිළිඅරගෙන අපි සමග වැඩ කරන්න.
අපේ ජනපතිවරයා පත්කර ගත්තාට පස්සේ ව්‍යවස්ථාව සම්මත කර ගන්න අපි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
අපි කවුරු එක්කවත් රහස් ගිවිසුම් ගහලත් නෑ. අපි කවුරු එක්කවත් ප්‍රසිද්ධ ගිවිසුම් ගහලත් නෑ.”
popular news
-
Karuna Monday, 04 November 2019 11:29 AM
පිස්සුද අනේ? අපි මොකටද ගිවිසුම් ගහන්නේ? ඒ ගොල්ලගෙ ඉල්ලීම් 13 ම අපිත් පිළිගන්නවනේ. ඕකට ඉතින් මොන ගිවිසුමද? මංගල ල රාජිතල ඔක්කොම කැමතියි.
Reply : 0 0
Champa Monday, 04 November 2019 01:16 PM
මොනවා? දැන් තියෙන්නේ නිදහස් යාපනයක්? දැන්? අවුරුදු 10 කට ඉස්සෙල්ල යාපනේ නිදහස් කරලා දුන්නේ මහින්ද. නැත්නම් කොටි මැදවච්චියත් අල්ලාගෙන. එහෙනම් රනිල්ට කිලිනොච්චි ගිහින් දෙමල මිනිස්සු හම්බ වෙන්න බැරි වෙනවා. මැදවච්චියට ගිහින් තමයි හම්බ වෙන්න වෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

