අපි ඔක්කොම අල්ටකියාවට අහුවෙලා ඉන්නේ
සියලුම සංවිධාන හා සංඝයා වහන්සේලා රටේ තැන් තැන් වල හුදෙකලා සටන් නොකර සැබෑ ලෙසම ජාතියට ආදරයක් ඇත්නම් ජාතික ව්‍යාපාරයකට එකතුවිය යුතු බවත් සියලුම නිකායන් එකට එකතුව රට ගොඩනගන වැඩපිළිවෙළකට එක්විය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
‘දැය ගොඩනගන වැඩිපිලිවෙළ’ මැයෙන් යෝජනා ඇතුලත් ලිපියක් ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල හිමියන්ට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් පිරිනැමීම සඳහා ඊයේ (01) පේරාදෙණිය ගැඨබේ රාජෝපවනාරාම විහාරස්ථානයට වැඩමකළ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
“සිංහල දේශපලඥයන්ගේ කලු සල්ලි සුදු කරන්නෙ කා හරහාද කියා හොයල බලන්න අවශයයි. අපි දන්නව ඒව ඉස්සෙල්ලාම අනතුර අඟවන්න අවශ්‍යයි. මේ ජාතික ප්‍රශ්නයට අවධානය යොමු නොකළහොත් ඒ අයගේ නම් පිටින් හෙළි කරනවා” යැයි උන්වහන්සේ පැවැසූහ.
“අන්තවාදින්ගෙ තියෙනව අල්ටකියා කියල. අල්ටකියා කියන්නෙ තමන්ගෙ අරමුණු ඉෂ්ඨ කරගැනිම සඳහා ඕනෑම කෙනෙකු රැවැටීම. මම වගකිමෙන් කියනව මේ රටේ සියලු නායකයො ඔක්කොම මේ අල්ටකියාවට අහුවෙලා ඉන්නෙ.
එතනින් නොගැලවුණොත් නැවත ඉතිහාසයේ හරවන්න බැරි වරදක් කරගන්න බව මතක තියාගන්න. මාව හෙට හිරේ දැම්මත් එය පැවැසුවේ නැත්තම් මෙය මගේ බේරුමට හිටියොත් අපේ සොහොන් කොත් වලට හෙන ගහයි.”
චමිල් රූපසිංහ

popular news
-
Champa Sunday, 02 June 2019 07:42 PM
එහෙම සියල්ලන්ටම එකතු වෙන්න පුළුවන් ජාතික ව්‍යාපාරයක් රටේ නැහැ. එහෙම කෙනෙක් පටන් ගත්තත් කවුරුවත් එකතු වෙන්නේ නැහැ ඒ මොකොද කිව්වා නම් එහෙම පටන් ගන්න පුද්ගලයන්ගේ අතීත ක්‍රියා කලාපය මතක තියෙන හින්ද. උදාහරණයක් විදිහට චම්පික රණවක ඇමතිවරයා එහෙම එකක් පටන් ගත්ත මිනිස්සු කවදාවත් වහල් ආණ්ඩුව බලයට ගේන්න ඔහු කල දේවල් අමතක කරන්නේ නැහැ. තවත් පිරිස් ඉන්නවා. නමුත් ඒ කිසි එකක් ජාතික ව්‍යාපාර කියල කියන්න බැහැ. රටට ජාතික නායකයෙක් ඇති වුනොත් නම් සියලු පිරිස් එකතු වෙයි. ඒ වුනත් එහෙම මිනිහෙක් පේන තෙක් මානෙක නැහැ. සිංහලයා එකතු කරන්න පුළුවන් නායකත්වයක් වටා මිසක් ව්‍යාපාරයක් වටා නෙමෙයි. එහෙම ව්‍යාපාරයක් වටා එකතු වෙලා පස්සේ 2015 රටට හඳුන්වලා දුන්න නායකයා නිසා අද මුළු රටම අරාජික වෙලා. රටේ සම්පත් අහිමි වෙලා. විදේශිකයන් රටේ ප්‍රධාන සියලු සම්පත් අයිති කරගෙන. ඒ හින්ද පළමුව ඇති වෙන්න ඕනේ සිංහලයට නායකයෙක්. ඊට පස්සේ ඔහු වටා ජනතාව එකතු වෙයි.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

