අපි අපේ වැඩ මාරුකරගෙන ඉන්නේ
මේ වන විට බොහෝ පිරිස් තමන්ගේ වැඩ මාරුකරගෙන ඇති බවත් දේශපාලඥයා සින්දු කියන බවත් දොස්තරවරු ආර්ථිකය ගැන කථා කරන බවත් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය. තලාව ප්‍ර දේශයේ පැවැති ජනහමුවකදී ඔහු මේ බව පැවැසීය.
“අපි දැන් අපේ වැඩ මාරු කරගෙනනේ ඉන්නේ, දේශපාලඥයා සිංදු කියනවා, සිංදු කියන එකා තව මොකක් හරි කරනවා, දොස්තර ආර්ථිකය ගැන කථා කරනවා, හාමුදුරුවරුත් ආර්ථිකය ගැන කථා කරනවා.
තම තමන්ගේ රාජකාරිය කරන්න පටන් ගත්තා නම් මේ රට දියුණු වෙනවා. නමුත් කරන්නේ අනෙක් පැත්ත, දොස්තර කථා කරන්නේ ලෙඩ්ඩු ගැන නෙමෙයි මේ රටේ ආර්ථිකය ගැන, දේශපාලඥයා කරන්න ඕන දේශපාලනයට නායකත්වය දෙන එක, හැබැයි මේ සේරම අපි පටලවා ගෙන ඉන්නේ.
ඒ නිසා ඉදිරි කාලයේ අපි මේවා ලිහා ගන්න ඕන.ඉස්සරහටත් එක එකාගේ වැඩ කර කර යන්න පුළුවන්කමක් නෑ.ටී.වි එකක් බැලුවත් දේශපාලඥයෙක් මයික් ටික්ක වට කර ගෙන මොකක් හරි පණ්ඩිත කථාවක් කියනවා, මේ දවස් වල කියනවා සභාග ආණ්ඩුවක් ගැන, එහෙම ආණ්ඩුවක් හැදෙන්නේ නෑ, එහෙම සාකච්ජාවක්වත් නෑ, රෑට රූපවාහිනය බලද්දී මෙහෙම දෙයක් ඇහුනම මිනිස්සු කල්පනා කරනවා මෙහෙම දේකුත් වෙනවා ඇති නේද කියලා”

popular news
-
Missaka Friday, 19 October 2018 08:12 PM
ඔබ වැනි දේශපාලුවෝ ආර්ථිකය සහ රට කාබාසිනියා කරනකොට රටට ආදරේ තියෙන මිනිස්සු කතාකරන එකේ තියෙන වරද මොකක්ද?
Reply : 0 0
arunasiripiyathilake Saturday, 20 October 2018 11:00 AM
හරිම කාලෝචිත හා අර්ථවත් කතවක්. තුති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

